කොළොම්බියාවේ ගරිල්ලා සටන් නායකයෙක්  ඝාතනයට ලක් වී ඇතැයි එරට ජනාධිපති  අයිවන් ඩුකේ මහතා පවසයි.
 
මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ කොලොම්බියාවේ ගරිල්ලා සටන් නායකයකු වන  වොල්ටර් අරිසාලා නැමැත්තෙකි. ඔහු ගුවාචෝ යන අන්වර්ථ නාමයෙන්ද හදුන්වන බව  එරට මාධ්‍ය  වාර්තා කර තිබේ.
 
ඉක්වදෝරයේ  දේශසීමා අසළදී  කොලොම්ඹියානු  ආරක්ෂක අංශ අතර පැවැති  යුද මෙහෙයුමකදී මොහු මිය ගිය බවද ජනාධිපතිවරයා  දැනුම් දී  තීබේ.
 
මේ වසරේ මුලදී  ඉක්වදෝරයේ මාධ්‍යවේදීන් දෙදෙනකු සහ ඔවුන්ගේ රියදුරු ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අවශ්‍යව සිටි අයෙකු බවද   ජනාධිපති  අයිවන් ඩුකේ මහතා  පවසයි.
 
මොහු  රටේ සිටි දරුණුතම අපරාධකරුවකු  යැයි ද  ජනාධිපතිවරයා පවසයි.
 
මත් ද්‍රව්‍ය ජාවාරම් ,මිනි මැරුම්,කප්පම් ගැනීම් ආදීයේදී මොහු රටෙහි ඉහලින්ම සිටි අයෙක් බවට සැකකරන බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.
 
ඔහු  කෙලොම්බියාවේ  සිටින ෆර්ක් කැරලිකරුවන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසද කාලයක් සම්බන්ධව සිට  ඇතැයි වාර්තාවේ.

 (36698)