කොළොම්බියා රජය සහ එරට ප්‍රධාන කැරලිකාර ෆාක් කණ්ඩායම අතර සාම ගිවිසුමක් අත්සන් තැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
අත්සන් තැබුණු නව සාම ගිවිසුම ජනමත විචාරණයකට යොමු නොකොට එරට කොංග්‍රස් මණ්ඩල අනුමැතියට යොමු කිරීමට නියමිතය.
පනස් වසරකට අධික කාලයක් පැවැති යුද්ධය නිමා කිරීමේ අරමුණින් මෙම සාම ගිවිසුමට එළැඹීමට කොළොම්බියා රජය තීරණය කළේය.
පසුගිය ඔක්තෝබර් 2 වැනිදා අත්සත් තැබුණු සාම ගිවිසුම ජනමත විචාරණයකට යොමු කළද එය ප්‍රතික්ෂේප කිරීමට එරට ජනතාව කටයුතු කොට තිබිණි. එම ගිවිසුම අත්සන් කර දින කිහිපයක් ඇතුළත කොළොම්බියා ජනපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය. ඒ අනුව උපදේශකයෝ ජනපතිට කියා සිටියේ සාම ක්‍රියාවලියෙන් ඉවත් නොවන ලෙසයි.
නව ගිවිසුමට අත්සන් තබමින් ජනපති කියා සිටියේ ‘මට වුවමනා විවෘත මනසකින් විවෘත හදවතකින් සාමයට අවස්ථාවක් දෙන ලෙස සැම දෙනාටම ආරාධනා කිරීමට‘ යනුවෙනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd