ඇමෙරිකාවේ මීට වසර 41කට පෙර අතුරුදහන්වීමෙන් පසු මිය ගිය බවට සැලකෙන පුද්ගලයෙකුගේ ශරීර කොටස් හදුනාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ඩුවෙන් වුඩ්වර්ඩ් 1975 දී අතුරුදහන් වී තිබෙන අතර ඔහු අතුරුදහන් වන විට වයස අවුරුදු 19ක් වූ බව සදහන් වේ. 1977දී ෆ්ලොරීඩාවේ කැළයක තිබී දේහයක ඇටසැකිල්ලක් හමු වී තිබේ.

වසර 32කට පසු 2009 දී එම ශරීරයේ කොටස් උතුරු ටෙක්සාස් විශ්ව විද්‍යාලයට ඒවා තිබෙන අතර එහි පරීක්ෂණ වාර්තා අතුරුදන් සහ හදුනා නොගත් අයගේ ලැයිස්තුවට එක්කර තිබේ.

2015දී අතුරුදන් වූ අයගේ ලැයිස්තුව නැවත පරික්ෂා කිරීමෙන් අනතුරුව වුඩ්වර්ඩ් ගේ පරීක්ෂණ නැවත ආරම්භ කර තිබේ. 1977දී හමු වූ කොටස් නැවත පරීක්ෂණයට ලක් කෙරිණි. ඉන්පසු මේ වසරේ ජුනි 23 වෙනි දින ඔහුගේ දෙමාපියන්ගේ ඩී.එන්.ඒ සහ එම ශරීරයේ අස්ථි වල ඩී.එන්.ඒ ගැලපුණු බව එරට මාධ්‍ය වාර්තා කළේය.

මිට පෙර ද එම ප්‍රදේශයෙන් හමු වූ අස්ථි කොටස් ඩී.එන්.ඒ පරීක්ෂණයකට යොමු කළද එම වාර්තා නොගැලපී තිබේ.