
මරණයට කැපවුණු කළුකුමන් දෙදෙනකුට අභයදානය ලබා දීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තේය.
ඇමෙරිකානුවන්ගේ තුති පුද කිරීමේ දිනය දා රාත්‍රී භෝජන සංග්‍රහයේ අනිවාර්ය අංගය රෝස්ට් කළ කළුකුම් මස් ය. තුති පුද කිරීමේ නිවාඩු දිනයට පෙර, කළුකුමන් දෙදෙනකුට අභයදානය ලබා දීම ඇමෙරිකන් ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබයි.
මරණයට කැපවුණු කළුකුමන් දෙදෙනකුට අභයදානය දීම ඒ අනුව, ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ සම්ප්‍රදාය වී ඇත. එය සෑම වසරක තුතිපුදකිරීමේ උත්සවයට සමගාමීව ධවල මන්දිරයේ රෝස් ගාඩ්න් උද්‍යානයේ දී සිදුවෙයි.
මෙවර, ට්‍රම්ප්ට අනුව, කොන්දේසි විරහිතව කළුකුමන් දෙදෙනාට සමාව ලැබුණි. සමාව ලැබුණේ ගොබල් සහ වැඩ්ල් නමැති කළුකුමන් දෙදෙනාටය. අභයදානය හිමිවන කළුකුමන්, සිවි ඇති තෙක් නිදහසේ ජීවත් වීමට ගොවිපොළකට යැවීම සිදුවෙයි.
මෙම අවස්ථාවට ධවල මන්දිර කාර්ය මණ්ඩලය, උප ජනාධිපති ජේඩී වැන්ස් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පමණක් නොව, ඇමෙරිකන් ජනාධිපති ආර්යාව මෙලානියා ද සහභාගී වූවාය.
නත්තල වෙනුවෙන් මේ වනවිට ධවල මන්දිරය හැඩ ගැන්වෙයි. සාම්ප්‍රදායිකව නත්තල් ගසක් ධවල මන්දිරයේ සැරැසීම ද සිදුවෙයි. ධවල මන්දිරයට නත්තල් ගස රැගෙන ඒම සිදුවුණු අතර එය බාර ගනු ලැබුවේ, මෙලානියා විසිනි.
2025 නොවැම්බර් මස 21
134
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1072
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කළුකුමන්ලාට ට්‍රම්ප්ගෙන් සමාව