කොළ පැහැති එළවළු කෑමට එක්කැර ගැනීමෙන් මෙතෙක් සිතා සිටියාට වඩා වැඩි ප්‍රතිඵලයක් අත්කැර ගත හැකි බව පර්යේෂකයෝ පෙන්වාදෙති. මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔවුහු මේ බව පවසති.
සෑම දිනකම හුමාලයෙන් තම්බන ලද බ්‍රොකොලි වර්ගයේ ගෝවා කෝප්පයක් හෝ දෙකක් ආහාරයට ගැනීම ඇදුම රෝගීන්ට නව ප්‍රතිකාරයක් වන බවයි. ගෝවා පවුලට අයත් ආහාරවල ඇති සොල්පොරපේන් නැමැති සංයෝගය හේතුවෙන් ස්වසන අපහසුතා දුරු වේ.
ඔස්ට්‍රෙලියාවේ දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඇදුම රෝගයේ බලපෑම ඇති බවත් එම තත්වය ඉහළ යමින් තිබෙන බවත් මෙල්බර්න් විශ්වවිද්‍යලයේ ගෞරව උපාධිධරයකු වන නඩියා මැසරාකිස් පවසයි. මැසරාකිස් පර්යේෂණය සිදුකැර ඇති අතර එහි අධීක්ෂණය ආචාර්ය ටොම් කරගින්නිස් විසින් සිදුකර තිබේ.
බ්‍රෝකොලි ගොවා විටමින් ඒ ,සි විටමින් බී 6 වලින් පරිපූර්ණය. එහි කැල්සියම් සහ තන්තු ඇත. ගෝවා පවුලේ ආහාරවල පිළිකා නාශක ගුණ ඇතැයි ද විශ්වාසයක් පවතී.
රසායනාගාර පරික්ෂණ මගින් ගෝවා, බොකුටු ගෝවා, බ්රෑසෙල්ස් අංකුර, මල්ගෝවා යනාදිය ආහාරට ගැනීමෙන් පෙනහළු ආබාධ ඇතිවීම අඩුකරන බවත් පෙනහළු ආබාධ වලින් පෙලෙන්නන්ගේ එම තත්වය ප්‍රකෘති මට්ටමට පත්වන බවත් පෙන්වා දී තිබේ.
ඇතැම් ඇදුම රෝගීන් දැනට භාවිතා කරන ඖෂධ වලට ප්‍රතිවිරෝධතාවක් දක්වයි. ආචාර්ය කරාගියනිස් පවසන්නේ මෙම පර්යේෂණ ප්‍රතිඵල එවැනි රෝගින්ට මහඟු උදව්වක් ලැබෙන බවයි.
මල්ගෝවා මෑතකදී ඉතාමත් ජනප්‍රිය වූයේ සුපිරි ආහාරමය තත්වයක් එහි පැවතීම සහ ඉහළ පෝෂ්‍යදායක තත්වයක් පැවතීම හේතුවෙනි. මෙම ආහාර විටමින් ඒ, සී සහ කේ මෙන්ම කැල්සියම් යකඩ සහ බීටා කැරොටින් වලින් අනූනය. කෙඳිති සහිත මේ ආහාරයට අඩු කැලරි ප්‍රමාණයකින් යුක්ත වීමත් මේදය නොමැති වීමත් එය දිනෙන් දින ජනප්‍රිය වීමට හේතුවකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණි සහ නිමල් ඉදිරිපත් කර ඇති අදහස් අප අගය කළ යුතුයි. (නි)
ගස් වැල්, පරිසරය සහ සත්වයන් අතර ඇති ප්‍රභල සම්බන්ධතාවය අපේ මුතුන් මිත්තන් වසර දහස් ගණනකට පෙර දැන සිටියා. බලන්න ආයුර්වේදයේ ප්‍රතිකාර දෙස. (නි)
ගම්බද පළාත් වල සෑම ගෙදරකම පාහේ අතීතයේ පටන් ආහාරය සමග කොළ මැල්ලුමක් ,කොළ සම්බෝලයක්,කොළ කැඳ ,අනුභව කර වෙහෙස මහන්සි වී වැඩක් පලක් කල නිසා නිරෝගීව ගත කලේ කිසිදු උපදේශකත්වයක් අරගෙන නොවේ!. ඇදුම රෝගයට නියම ආහාරය තමා දෙල්. කාලා හමාරයි .අද දෙල් ගෙඩියත් රු :150 ක්. (ස)
ඒ ඒ රටවලට අදාල දේශගුණික තත්ත්වයන් අනුව දේවල් වැවෙනවා. ඉතින් ඒ රටවල අය ඒවායෙන් අත්දැකීම් ලබනවා. අපේ රටේ අපිට කන්න ඒ හා සමාන සුදුසුකම් තිබෙන බොහෝ දේ තිබෙනවා. (නි)
අක්රම් මල්ලී ,මෙදා පාර කොස්,දෙල් අඹ, රඹුටන් ,අලිගැට පේර දුරියන්,කෙසෙල් ඵලදාව බොහොම සරු වුණා. එම නිසා වෙළෙන්දා ඉල්ලන්නේ අඩුවට. නමුත් විකුණන මිලේ අඩුවක් නම් නැහැ. (නි)
ගමේ ආහාර (පරිසරයේ වැවෙන ) එළවලු කෑමෙන් බොහෝ රෝගවලට ගුණ ලැබෙනවා (නි)
ගොවා කියන්නේ ලංකාවේ වැඩියෙන්ම කෘමිනාශක යොදන එළවළුවක්, ගොවා කන එක හොද වැඩක් නෙවෙයි. ගම්වල තියෙනවා ගොඩාක් හොද එළවලු, කොළ වර්ග. ඒවා කමු. විදේශ රටවල උපදෙස් අපිට මොකටද? අපේ පාරම්පරික දැනුම මේවට වඩා ගොඩාක් දියුණුයි.(දිල්)
මම හිතන්නේ මුගුණවැන්න සහ ගොටුකොල තමයි කොළ වර්ග අතර රජ්ජුරුවොයි රැජිනයි. (ස)
මේ බ්‍රොකොලි අපේ වැටුපේ හැටියට මාසෙට එක වේලක් විතර කන්න පුළුවන්. (නි)
ගාමිණි, ඔයා කොහෙද ඉන්නේ? අපේ ගෙදර නම් දෙල් තියෙනවා.මේ දවස් වල දෙල් අස්වැන්නත් නියමයි.ඔයාට නිකන් දෙන්නම් දෙල් ගෝනියක් විතර. (නි)
මුළු ලෝකයේම විද්‍යාත්මක සොයාගැනීම් වලින් උපරිම වාසිය ලබා දෙන්නේ ආර්ථික වශයෙන් පොහොසත් පවුල් වලටයි. විටමින් බහුල පෝෂ්‍යදායක ආහාර ලැයිස්තු දුප්පත් මිනිසුන්ට සිහින ආහාර පමණයි. නිරෝගී යහපත් ජීවිතයක් ගතකිරීමට මිනිසාට අවශ්‍ය වන්නේ දැනුම පමණක් නොවේ. (නි)