IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


කොළ කෑමෙන් ඇදුමට වැට

කොළ පැහැති එළවළු කෑමට එක්කැර ගැනීමෙන් මෙතෙක් සිතා සිටියාට වඩා වැඩි ප්‍රතිඵලයක් අත්කැර ගත හැකි බව පර්යේෂකයෝ පෙන්වාදෙති. මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔවුහු මේ බව පවසති.

සෑම දිනකම හුමාලයෙන් තම්බන ලද බ්‍රොකොලි වර්ගයේ ගෝවා කෝප්පයක් හෝ දෙකක් ආහාරයට ගැනීම ඇදුම රෝගීන්ට නව ප්‍රතිකාරයක් වන බවයි. ගෝවා පවුලට අයත් ආහාරවල ඇති සොල්පොරපේන් නැමැති සංයෝගය හේතුවෙන් ස්වසන අපහසුතා දුරු වේ.

ඔස්ට්‍රෙලියාවේ දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඇදුම රෝගයේ බලපෑම ඇති බවත් එම තත්වය ඉහළ යමින් තිබෙන බවත් මෙල්බර්න් විශ්වවිද්‍යලයේ ගෞරව උපාධිධරයකු වන නඩියා මැසරාකිස් පවසයි. මැසරාකිස් පර්යේෂණය සිදුකැර ඇති අතර එහි අධීක්ෂණය ආචාර්ය ටොම් කරගින්නිස් විසින් සිදුකර තිබේ.

බ්‍රෝකොලි ගොවා විටමින් ඒ ,සි විටමින් බී 6 වලින් පරිපූර්ණය. එහි කැල්සියම් සහ තන්තු ඇත. ගෝවා පවුලේ ආහාරවල පිළිකා නාශක ගුණ ඇතැයි ද විශ්වාසයක් පවතී.

රසායනාගාර පරික්ෂණ මගින් ගෝවා, බොකුටු ගෝවා, බ්රෑසෙල්ස් අංකුර, මල්ගෝවා යනාදිය ආහාරට ගැනීමෙන් පෙනහළු ආබාධ ඇතිවීම අඩුකරන බවත් පෙනහළු ආබාධ වලින් පෙලෙන්නන්ගේ එම තත්වය ප්‍රකෘති මට්ටමට පත්වන බවත් පෙන්වා දී තිබේ.

ඇතැම් ඇදුම රෝගීන් දැනට භාවිතා කරන ඖෂධ වලට ප්‍රතිවිරෝධතාවක් දක්වයි. ආචාර්ය කරාගියනිස් පවසන්නේ මෙම පර්යේෂණ ප්‍රතිඵල එවැනි රෝගින්ට මහඟු උදව්වක් ලැබෙන බවයි.

මල්ගෝවා මෑතකදී ඉතාමත් ජනප්‍රිය වූයේ සුපිරි ආහාරමය තත්වයක් එහි පැවතීම සහ ඉහළ පෝෂ්‍යදායක තත්වයක් පැවතීම හේතුවෙනි. මෙම ආහාර විටමින් ඒ, සී සහ කේ මෙන්ම කැල්සියම් යකඩ සහ බීටා කැරොටින් වලින් අනූනය. කෙඳිති සහිත මේ ආහාරයට අඩු කැලරි ප්‍රමාණයකින් යුක්ත වීමත් මේදය නොමැති වීමත් එය දිනෙන් දින ජනප්‍රිය වීමට හේතුවකි.

 



අදහස් (0)

කොළ කෑමෙන් ඇදුමට වැට

සත්‍යා Tuesday, 01 July 2014 08:28 PM

ගාමිණි සහ නිමල් ඉදිරිපත් කර ඇති අදහස් අප අගය කළ යුතුයි. (නි)

:       0       0

පුෂ්පා Friday, 04 July 2014 04:15 AM

ගස් වැල්, පරිසරය සහ සත්වයන් අතර ඇති ප්‍රභල සම්බන්ධතාවය අපේ මුතුන් මිත්තන් වසර දහස් ගණනකට පෙර දැන සිටියා. බලන්න ආයුර්වේදයේ ප්‍රතිකාර දෙස. (නි)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 01 July 2014 11:38 AM

ගම්බද පළාත් වල සෑම ගෙදරකම පාහේ අතීතයේ පටන් ආහාරය සමග කොළ මැල්ලුමක් ,කොළ සම්බෝලයක්,කොළ කැඳ ,අනුභව කර වෙහෙස මහන්සි වී වැඩක් පලක් කල නිසා නිරෝගීව ගත කලේ කිසිදු උපදේශකත්වයක් අරගෙන නොවේ!. ඇදුම රෝගයට නියම ආහාරය තමා දෙල්. කාලා හමාරයි .අද දෙල් ගෙඩියත් රු :150 ක්. (ස)

:       0       0

අසෝකා Wednesday, 02 July 2014 05:37 PM

ඒ ඒ රටවලට අදාල දේශගුණික තත්ත්වයන් අනුව දේවල් වැවෙනවා. ඉතින් ඒ රටවල අය ඒවායෙන් අත්දැකීම් ලබනවා. අපේ රටේ අපිට කන්න ඒ හා සමාන සුදුසුකම් තිබෙන බොහෝ දේ තිබෙනවා. (නි)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 01 July 2014 10:18 PM

අක්රම් මල්ලී ,මෙදා පාර කොස්,දෙල් අඹ, රඹුටන් ,අලිගැට පේර දුරියන්,කෙසෙල් ඵලදාව බොහොම සරු වුණා. එම නිසා වෙළෙන්දා ඉල්ලන්නේ අඩුවට. නමුත් විකුණන මිලේ අඩුවක් නම් නැහැ. (නි)

:       0       0

සමන්ති Wednesday, 02 July 2014 06:15 PM

ගමේ ආහාර (පරිසරයේ වැවෙන ) එළවලු කෑමෙන් බොහෝ රෝගවලට ගුණ ලැබෙනවා (නි)

:       0       0

නිමල් Tuesday, 01 July 2014 01:15 PM

ගොවා කියන්නේ ලංකාවේ වැඩියෙන්ම කෘමිනාශක යොදන එළවළුවක්, ගොවා කන එක හොද වැඩක් නෙවෙයි. ගම්වල තියෙනවා ගොඩාක් හොද එළවලු, කොළ වර්ග. ඒවා කමු. විදේශ රටවල උපදෙස් අපිට මොකටද? අපේ පාරම්පරික දැනුම මේවට වඩා ගොඩාක් දියුණුයි.(දිල්)

:       0       0

පුෂ්පා Thursday, 03 July 2014 02:52 PM

මම හිතන්නේ මුගුණවැන්න සහ ගොටුකොල තමයි කොළ වර්ග අතර රජ්ජුරුවොයි රැජිනයි. (ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 01 July 2014 04:01 PM

මේ බ්‍රොකොලි අපේ වැටුපේ හැටියට මාසෙට එක වේලක් විතර කන්න පුළුවන්. (නි)

:       0       0

අක්රම් Tuesday, 01 July 2014 04:46 PM

ගාමිණි, ඔයා කොහෙද ඉන්නේ? අපේ ගෙදර නම් දෙල් තියෙනවා.මේ දවස් වල දෙල් අස්වැන්නත් නියමයි.ඔයාට නිකන් දෙන්නම් දෙල් ගෝනියක් විතර. (නි)

:       0       0

සත්‍යා Tuesday, 01 July 2014 08:29 AM

මුළු ලෝකයේම විද්‍යාත්මක සොයාගැනීම් වලින් උපරිම වාසිය ලබා දෙන්නේ ආර්ථික වශයෙන් පොහොසත් පවුල් වලටයි. විටමින් බහුල පෝෂ්‍යදායක ආහාර ලැයිස්තු දුප්පත් මිනිසුන්ට සිහින ආහාර පමණයි. නිරෝගී යහපත් ජීවිතයක් ගතකිරීමට මිනිසාට අවශ්‍ය වන්නේ දැනුම පමණක් නොවේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site