ප්‍රසිද්ධ චරිත සහ ධනවත් පුද්ගලයන්ගේ වත්කම් හෙළි නොකර සැගවීමට මෙන්ම බදු නොගෙවා සිටීමට එම පුද්ගලයන්ට උදව් කළ මොසැක් ෆොන්සේකා සමාගම හා සම්බන්ධ  කරුණු හෙළි වීමෙන් පසු අයිස්ලන්ත අගමැති සිග්මන්ධාර් ගන්ලුග්සන්  තම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඔහුගේ පවුලේ වත්කම් සඟවාගෙන සිටි බවට ද එමගින් හෙළි කර තිබිණි.

අයිස්ලන්ත අගමැති සහ ඔහුගේ බිරිද එක්ව සමාගමක් ආරම්භ කර ඇති අතර ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන විට ඔහුගේ වත්කම් වසන් කර තිබේ.

මෙම සිද්ධි හෙළිවීමෙන් පසු    අයිස්ලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට විශාල විරෝධතාවයක් පැවැත්විණි. එම අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස එරට ජනපති ඕලෆුර් ග්රිම්සන් වෙත ඉල්ලීමක් ඉරිදිපත් කර තිබුණි. නමුත් එය ප්‍රතික්ෂේප විය.

අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලපෑම් පැමිණෙන්නට වීමත් සමග ඔහු ඉල්ලා අස් වීමට තීරණය කොර ඇත.

මීලග අගමැති වශයෙන් එරට කෘෂිකර්ම ඇමති පත් වෙනු ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.