IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කළු සල්ලි සුදු කළ සමාගම් ප්‍රශ්න දුරදිග යයි

ප්‍රසිද්ධ චරිත සහ ධනවත් පුද්ගලයන්ගේ වත්කම් හෙළි නොකර සැගවීමට මෙන්ම බදු නොගෙවා සිටීමට එම පුද්ගලයන්ට උදව් කළ මොසැක් ෆොන්සේකා සමාගම හා සම්බන්ධ  කරුණු හෙළි වීමෙන් පසු අයිස්ලන්ත අගමැති සිග්මන්ධාර් ගන්ලුග්සන්  තම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඔහුගේ පවුලේ වත්කම් සඟවාගෙන සිටි බවට ද එමගින් හෙළි කර තිබිණි.

අයිස්ලන්ත අගමැති සහ ඔහුගේ බිරිද එක්ව සමාගමක් ආරම්භ කර ඇති අතර ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන විට ඔහුගේ වත්කම් වසන් කර තිබේ.

මෙම සිද්ධි හෙළිවීමෙන් පසු    අයිස්ලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට විශාල විරෝධතාවයක් පැවැත්විණි. එම අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස එරට ජනපති ඕලෆුර් ග්රිම්සන් වෙත ඉල්ලීමක් ඉරිදිපත් කර තිබුණි. නමුත් එය ප්‍රතික්ෂේප විය.

අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලපෑම් පැමිණෙන්නට වීමත් සමග ඔහු ඉල්ලා අස් වීමට තීරණය කොර ඇත.

මීලග අගමැති වශයෙන් එරට කෘෂිකර්ම ඇමති පත් වෙනු ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.



අදහස් (0)

කළු සල්ලි සුදු කළ සමාගම් ප්‍රශ්න දුරදිග යයි

ඉමේෂ් Wednesday, 06 April 2016 10:03 AM

අයිස්ලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..... අපේ ඇමතිලා අස් වෙන්නේ නෑ....(හේ)

:       0       0

සමන් Wednesday, 06 April 2016 05:51 PM

චානක හරි (නි)

:       0       0

සලීම් Tuesday, 05 April 2016 05:41 PM

දැන්නම් එනපොට හොඳ නැහැ වගේ (නි)

:       0       0

චානක Wednesday, 06 April 2016 12:10 PM

අයිස්ලන්තයේ ජනතාව බුද්ධිමත් බව පේනවා.අපේ රටේ නම් තම පක්ෂයේ නායකයින් මොනවකලත් අනුමත කරන කොටසක් සිටිනවා.එ් නිසයි අපේ රටේ දුප්පත්කම තුරන්කරන්න බැරි.(හේ)

:       0       0

බණ්ඩාර Wednesday, 06 April 2016 07:18 AM

ලංකාවේ පුද්ගලයන් හා ආයතන 22කගෙ නම් ඇති බව ආරංචි .ඉන්දියාවේ සුපිරි නලු අමිතාබ් බච්චන් සහ ආශ්චර්‍යා රායි ගේ ආයෝජන ඇති බව ආරංචි.ලංකාවෙ අයගේ නම් සදහන් කර නෑ.සයිබර් ප්‍රහාරයකින් ටෙරා බයිට් 2.3ක දත්ත සොරකම් කරල තමයි හැකර්වරයෙක් මේව එලි කරල තියෙන්නෙ. (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 06 April 2016 01:25 AM

අපේ කාගෙවත් විස්තර නැද්ද ඔය පොතේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site