පැනමා නීතිඥ සමාගමක් වන මොසැක් ෆොන්සේකා හි රහස් ලිපිගොනු මිලියන 11ක් පමණ පිටවී ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.
ගනුදෙනුකරුවන්ට කළු සල්ලි හංඟන හැටිද බදු නොගෙවා සිටින හැටිද කියාදෙන සමාගමක් ලෙස මෙය ප්‍රචලිතය. වසර 40ක් තිස්සේ කටයුතු කරන මෙම සමාගම කිසිදාක වරදකට හෝ හොරකමකට අසුවී නැතැයි කියති.
පිටවී ඇති ලියකියවිලි ලොව හිටපු හා දැනට සිටින නායකයින් රැසකගේ රහස් තොරතුරු අන්තර්ගත ඒවා බව පැවසේ. ලෝක නායකයන් 72කගේ පමණ තොරතුරු පිටවී ඇතැයි කියති.
එහි ඇති අයිස්ලන්ත අගමැති සිමෙන්තුල්ලා ගන්ලොන්සන්ගේ බිරිය ගේ ප්‍රකාශ නොකළ වත්කම් සම්බන්ධයෙන් ගැටළුවක් දැනටම මතුවී ඇතැයි වාර්තාවේ. ජනපති පූටින්ගේ සමීපතම කල්ලියක කෝටි ප්‍රකෝටි ගණනක කළු සල්ලි සම්බන්ධ ලිපිගොනුද පිටවී ඇතැයි කියති.
ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදයේ අධ්‍යක්ෂ ජෙරාඩ් රයිල් කියනුයේ මේවා එම සමාගම පසුගිය 40 වසර පුරා දිනපතා ගනුදෙනු කළ ලියවිලි බවයි. මෙම තොරතුරු පිටවීම රටින් පිට සල්ලි සඟවන ජාවාරම්කරුවනට මරු පහරක් වී ඇතැයි වාර්තාවේ.
බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල නීත්‍යනුකූල නොවන සමාගම් මොසැක් ෆොන්සේකා සමාගමෙහි ලියාපදිංචි කර ඇත. මෙම පැනමා සමාගම ලොව පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර රටවල් 42ක 600ක පිරිසක් සමාගම වෙනුවෙන් රාජකාරීයේ නියුතුව සිටින බවද එහි වෙබ් අඩවිය කියයි.
එම සමාගම ස්විට්සර්ලන්තය, සයිප්‍රසය සහ බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිත රටවල බදු නොගෙවා සිටීමේ ඉඩකඩ ලබාදී ඇති බව කියති.
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කළු සල්ලි සුදු කරන සමාගමක රහස් ලිපි එළියට
ගයාන් Tuesday, 05 April 2016 08:19 AM
කණගාටුයි කියන්න එයාලගේ නම් නෑනේ. (හේ)
ගාමිණි Tuesday, 05 April 2016 08:23 AM
එහෙනම් දැන් ලේසි වෙන එකක් නෑ.(හේ)
පිටබැද්දර ජයා Monday, 04 April 2016 01:28 PM
අපි දන්න අයගේ නමත් නැති වෙන්න නම් බැහැ ගොයියෝ ! (බ)
නලින් යහම්පත් Tuesday, 05 April 2016 09:24 AM
බී බී සී සේවය සහ බටහිර පුවත් පත් පුටින් ගේ රුව සහිත පැනමා වල කළු සල්ලි ගෙන කීවාට , ඩේවිඩ් කෙමරුන් සහ ඔහුගේ පියා පැනමා වල ප්‍රකාශ නොකළ මුදල් සම්බාරයක් තැන්පත් කර ඇති වග නුදුටුවෙමි , එමෙන්ම බටහිර යුරෝපයේ බලවත් දේශපාලකයන් බොහෝ දෙනෙකුද පැනමා වල තම ප්‍රකාශ නොකළ මුදල් සම්බාරයක් තැන්පත් කර තිබේ , මේවා බටහිර පුවත් වල දකින්නේ ඉතාම අල්ප වශයෙනි. (ර)
සලීම් Tuesday, 05 April 2016 05:47 PM
අපේ කම්බා හොරු අල්ලන එකනම් බොරු (නි)
චන්න Wednesday, 06 April 2016 12:15 AM
එහෙ කළු සල්ලි සුදු කරනවා.. මෙහෙ සුදු සල්ලි කළු කරනවා. (නි)