පැනමා නීතිඥ සමාගමක් වන මොසැක් ෆොන්සේකා හි රහස් ලිපිගොනු මිලියන 11ක් පමණ පිටවී ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.

ගනුදෙනුකරුවන්ට කළු සල්ලි හංඟන හැටිද බදු නොගෙවා සිටින හැටිද කියාදෙන සමාගමක් ලෙස මෙය ප්‍රචලිතය. වසර 40ක් තිස්සේ කටයුතු කරන මෙම සමාගම කිසිදාක වරදකට හෝ හොරකමකට අසුවී නැතැයි කියති.

පිටවී ඇති ලියකියවිලි ලොව හිටපු හා දැනට සිටින නායකයින් රැසකගේ රහස් තොරතුරු අන්තර්ගත ඒවා බව පැවසේ. ලෝක නායකයන් 72කගේ පමණ තොරතුරු පිටවී ඇතැයි කියති.

එහි ඇති අයිස්ලන්ත අගමැති සිමෙන්තුල්ලා ගන්ලොන්සන්ගේ බිරිය ගේ ප්‍රකාශ නොකළ වත්කම් සම්බන්ධයෙන් ගැටළුවක් දැනටම මතුවී ඇතැයි වාර්තාවේ. ජනපති පූටින්ගේ සමීපතම කල්ලියක කෝටි ප්‍රකෝටි ගණනක කළු සල්ලි සම්බන්ධ ලිපිගොනුද පිටවී ඇතැයි කියති.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදයේ අධ්‍යක්ෂ ජෙරාඩ් රයිල් කියනුයේ මේවා එම සමාගම පසුගිය 40 වසර පුරා දිනපතා ගනුදෙනු කළ ලියවිලි බවයි. මෙම තොරතුරු පිටවීම රටින් පිට සල්ලි සඟවන ජාවාරම්කරුවනට මරු පහරක් වී ඇතැයි වාර්තාවේ.

බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල නීත්‍යනුකූල නොවන සමාගම් මොසැක් ෆොන්සේකා සමාගමෙහි ලියාපදිංචි කර ඇත. මෙම පැනමා සමාගම ලොව පුරා මෙහෙයුම් ක්‍රියාත්මක  කර ඇති අතර රටවල් 42ක 600ක පිරිසක් සමාගම වෙනුවෙන් රාජකාරීයේ නියුතුව සිටින බවද එහි වෙබ් අඩවිය කියයි.

එම සමාගම ස්විට්සර්ලන්තය, සයිප්‍රසය සහ බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිත රටවල බදු නොගෙවා සිටීමේ ඉඩකඩ ලබාදී ඇති බව කියති.

imagesigmundur_david_stefk201644 putin_2288082b201644