ඉන්දියා පුරවැසියන්ගේ ස්විස් බැංකු ගිණුම් සම්බන්ධ විස්තර හුවමාරුකර ගැනීමට ස්විට්සර්ලන්තය එකඟවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මෙය කළු සල්ලි ජාවාරමට එරෙහි ප්‍රබල පියවරක් ලෙස හැඳින්වේ.
නමුත් ඔවුන් මෙය 2018 සැප්තැම්බර් සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර ඊට පෙර කාලයේ තොරතුරු හුවමාරු කරගැනීමට ස්විට්සර්ලන්තය කැමැත්ත පළකර නැතැයි කියති.
ඉන්දියාව හා ස්විට්සර්ලන්තය අතර විනිමය හුවමාරු සම්බන්ධයෙන් ස්වයංක්‍රීය තොරතුරු හුවමාරු ක්‍රමයක් යටතේ මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
කළු සල්ලි ජාවාරම වැළැක්වීමේ අරමුණින් ඉන්දියාව පසුගියදා එරට භාවිත කළ රුපියල් 500 හා 1000 නෝට්ටු තහනම් කිරීමට ද පියවර ගත්තේය.
කළු සල්ලි ජාවාරම්කරුවන් බොහෝ පිරිසක් ස්විස් බැංකුවේ මුදල් තැන්පත් කරන බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්විස් බැංකු දැන් ඉස්සර වගේ රහස් රකින්නේ නැහැ. (නි)
ස්විස් බැංකු රහස් රකිනවා. ඒකනේ මිනිස්සු බය නැතුව ඒවගේ සල්ලි දාන්නේ. (ම)