IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කළු පාටත් ඉවරයි

කළු පැහැය පරදවන ‘‘සුපිරි කළු‘‘ පැහැයක් ඇති නව ද්‍රව්‍යයක් හදුන්වාදීමට බි‍්‍රතාන්‍යය පර්යේෂක පිරිසක් සැරසෙති.

‘‘වෙන්ටා බ්ලැක්‘‘ නම් වන මේ ද්‍රව්‍යය ආලෝකයෙන් සියයට 0.035 ක් හැරෙන්නට ඉතිරි සියල්ල උරා ගන්නා බව සදහන්ය.මෙනිසාම එය දිස්වනුයේ තද කළු පැහැයෙන්ම පමණක් නොව පතුළක් නොපෙනෙන කළු කුහරයක් සේය.

මෙතරම් දුරට ආලෝකය උරාගන්නා කිසිම දෙයක් මේ දක්වා ලෝකයේ නොපැවති අතර මෙනිසා වෙන්ටා බ්ලැක් නිපදවීම ලෝක වාර්තාවක් ලෙසද සැළකේ.

මෙම ද්‍රව්‍යය විශේෂය නිපදවා ගැනීමට පර්යේෂක පිරිස භාවිතා කර ඇත්තේ නැනෝ ප‍්‍රමාණයේ කාබන් ටියුබයන්ය.මෙම එක් කාබන් ටියුබයක් මිනිස් කෙස් ගහකට වඩා දසදහස් ගුණයකින් සිහින් බව ඔවුහු කියති.

වෙන්ටා බ්ලැක් යොදාගෙන සිදුකර ඇති පර්යේෂණ වලදී එය තඹ හා වානේ වැනි ලෝහ වලටත් වඩා හොඳින් තාපය පරිවහනය කරන බවද සොයාගැනීමට හැකිවුණේයැයි පර්යේෂක පිරිස පවසති.

මෙය යොදාගෙන හැකි ආකාර ගැනද සදහන් කරන ඔවුහු අභ්‍යාවකාශ නිරීක්ෂණ කටයුතු සදහා භාවිතා කරන දුරේක්ෂ,අභ්‍යාවකාශ යානා, වැනි දේ වල එක් එක් උපාංග ආස්තරණය කිරීම සදහා වැනි කටයුතු වලට මෙය යොදාගත හැකියැයි කියති.

30 31

 



අදහස් (0)

කළු පාටත් ඉවරයි

නිමල් පෙරේරා Monday, 14 July 2014 12:58 PM

හරිම දැකුම්කලුය (අ)

:       0       0

රුහුණු Monday, 14 July 2014 01:28 PM

මේ පාටට අපි නම් කියන්නේ "කට්ට කළු" කියලා. (නි)

:       0       0

තේජාන්විත Tuesday, 15 July 2014 08:23 AM

කට්ට කියන වචනේ දැන් බාවිතයේ නැහැ නේද ? ඒ වෙනුවට කොහොමද පට්ට කළු කියල දැම්මොත් ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site