කළු පැහැය පරදවන ‘‘සුපිරි කළු‘‘ පැහැයක් ඇති නව ද්‍රව්‍යයක් හදුන්වාදීමට බි‍්‍රතාන්‍යය පර්යේෂක පිරිසක් සැරසෙති.

‘‘වෙන්ටා බ්ලැක්‘‘ නම් වන මේ ද්‍රව්‍යය ආලෝකයෙන් සියයට 0.035 ක් හැරෙන්නට ඉතිරි සියල්ල උරා ගන්නා බව සදහන්ය.මෙනිසාම එය දිස්වනුයේ තද කළු පැහැයෙන්ම පමණක් නොව පතුළක් නොපෙනෙන කළු කුහරයක් සේය.

මෙතරම් දුරට ආලෝකය උරාගන්නා කිසිම දෙයක් මේ දක්වා ලෝකයේ නොපැවති අතර මෙනිසා වෙන්ටා බ්ලැක් නිපදවීම ලෝක වාර්තාවක් ලෙසද සැළකේ.

මෙම ද්‍රව්‍යය විශේෂය නිපදවා ගැනීමට පර්යේෂක පිරිස භාවිතා කර ඇත්තේ නැනෝ ප‍්‍රමාණයේ කාබන් ටියුබයන්ය.මෙම එක් කාබන් ටියුබයක් මිනිස් කෙස් ගහකට වඩා දසදහස් ගුණයකින් සිහින් බව ඔවුහු කියති.

වෙන්ටා බ්ලැක් යොදාගෙන සිදුකර ඇති පර්යේෂණ වලදී එය තඹ හා වානේ වැනි ලෝහ වලටත් වඩා හොඳින් තාපය පරිවහනය කරන බවද සොයාගැනීමට හැකිවුණේයැයි පර්යේෂක පිරිස පවසති.

මෙය යොදාගෙන හැකි ආකාර ගැනද සදහන් කරන ඔවුහු අභ්‍යාවකාශ නිරීක්ෂණ කටයුතු සදහා භාවිතා කරන දුරේක්ෂ,අභ්‍යාවකාශ යානා, වැනි දේ වල එක් එක් උපාංග ආස්තරණය කිරීම සදහා වැනි කටයුතු වලට මෙය යොදාගත හැකියැයි කියති.

30 31