කැස්සට දෙන නොයෙකුත් පැණි වර්ග කැස්ස ඇතිවීමට හේතුවන රෝගය මර්දනය කිරීමට කිසිදු අයුරකින් උපකාරී වන්නේ නැතැයි බ්‍රිතාන්‍යය ජාතික සෞඛ්‍ය සේවයේ වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් හෙළි කර තිබේ.
එවන් පැණියකින් සිදුවන්නේ උගුරට සහනයක් ලබාදීම, හුස්ම ගැනීමට අවහිරතාවක් තිබේනම් එය සමනය කර දීම වැනි සුළු දේවල් බවත් බොහෝ දෙනා සිතා සිටින පරිදි ඒවායින් කැස්සට සම්පූර්ණ සුවයක් ලැබෙන්නේ නැති බවත් ඔවුහු කියති.
මෙනිසා එවැනිදේට මුදල් වියදම් නොකර මීපැණි, දෙහි යුෂ ආදිය එකට මිශ්‍ර කර නිවසේදීම සාදාගත හැකි පැණියක් භාවිතා කිරීම වඩා සුදුසු යැයි ඔවුන්ගේ අදහසයි.
මේ සම්බන්ධයෙන් සිදුකර ඇති පර්යේෂණයෙන් කැස්සට දෙන පැණි වර්ග කැස්ස මර්දනය කිරීමට ක්‍රියාකාරී වන ආකාරයන්ද හඳුනාගෙන ඇත.
සමහර ඒවා උගුරට සහනය ගෙන දෙද්දී ඇතැම් ඒවා සම්පූර්ණ කැස්ස ඇතිවන යාන්ත්‍රණයම තාවකාලිකව අත්හිටවන බව පර්යේෂක පිරිස පවසති.
මේ සියල්ලෙන්ම කරන්නේ කැස්ස සුව වූවායැයි රෝගියා රැවටීම බව ඔවුහු කියති.
ඇතැම් පැණි වර්ග වල සීනි ප්‍රතිශතය ඉතා අධික යැයි හදුනාගැනීමට හැකිවූ බවත් මෙනිසා කැස්සක් ආ සැනෙන් නොයෙකුත් පැණි වර්ග බීමට පුරුදුව සිටින ඇතැමුන් තමන් මිලදී ගන්නේ කුමක්දැයි සැළකිලිමත්විය යුතු බවත් ඔවුහු අනතුරු අඟවති.
හොඳම දෙය කැස්සක් ආ සැනෙන් කැස්සට දෙන පැණි වර්ග සොයා දිවීම නොව නිවසේ සාදාගත හැකි පානයකින් එය සමනය කර ගත හැකිදැයි බැලීමත් නොඑසේනම් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් යැයි වෛද්‍ය පර්යේෂක පිරිස අවවාද කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්‍යාවේ දියුනුව එක්තරා කොටසකට ආදායම් මාර්ගයක් විතරයි (නදී)
රවී - ඕමාන් 2014-10-18 10:16:15 කොරෙක්ස් ඩී කැස්සට ඉතාමත් හොද දෙයක් අත්දැකීමෙනුයි කියන්නෙ ඒත් මෙයාල ඒකත් තහනම් කලා හරිනම් පැනඩෝල් ත් තහනම් කරන්න ඕන මොකද ඒකත් වැඩියෙන් ගත්තොත් මැරෙනව ඒ විදියට කොච්චර අය මැරිල තියෙනවද? (අ)
කොහොමත් විද්‍යාවෙන් කියපු අනෙක් දේවලුත් ඉක්මනටම බොරු වේවි...(ස)
අසංක මේක විද්‍යාව පිලිබදව ප්‍රශ්නයක් නොවෙයි බහු ජාතික සමාගම් වලින් කරන බොරු වලට ජනතාව රැවවීමයි වෙන්නේ.(අ)
කසුන් ධර්මවංශ ගේ කතාව හරියට හරි. සේනක බිබිලේ මැතිතුමාගේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකර බහු ජාතික සමාගම් රෝගීන් සමග /ලෙඩ සමග සෙල්ලම් කරනවා. ඕමාන් වලත් කොරෙක්ෂ් ඩී තහනම් කළා. හේතුව පාමසි වලින් වෛද්‍ය උපදෙස් නැතිව,කොරෙක්ෂ් ඩී බීල මත්වන අය,අල් කුවෙර් ,සීබ් මූදු වෙරළේ සිටියා. මූදු වෙරළේ හිස් බෝතල් සිය ගණන් ඔබත් දකින්නට ඇති (නදී)
ඇයි දැන් කැස්සට කොස් ඇට හොඳ නැත්ද ?(අ)
ලංකාවේ අපිට නම් බටු පැනිය තියෙනවා. රසායනික ද්‍රව්‍ය මොකුත් නෑ. පොඩි ඉඟුරු කෑල්ලක් හක්කේ තියාගෙන ඉන්න එහි යුෂ ටික ටික කෙල සමග ගිලෙන්න හරින්න. කැස්සට සහනයක් ලැබෙයි. (නදී)
සෙමට පැණි දුන්නට බීලා ඉවර වුණාම අයේ කැස්ස.(හේ)
මේ හැම දෙයක්ම මුදල් නිසා. බෙහෙත් සමාගම් මහජනයා මුලා කරනවා. (අ)
අපේ උදවිය අහන්නේ සුද්දෙක් කිව්වොත් විතරයි. වෙද මහත්තුරු කොච්චර කිව්වත් වැඩක් නැහැ (නදී).
මේක අලුත් දෙයක් නෙමෙයි. මිට කලකට පෙර සේනක බිබිලේ මහත්මය කිව්වේ ඕක තමයි. ඒ වෙලාවේ අපේ රටේ අය ගණන් ගත්තේ නෑ. මොකද සිංහල එක්කෙනෙක්නේ කියන්නේ. දැන් සුද්දා කියන නිසා අහනවා. අන්තිමට ඇත්ත හෙළි කරපු වරදට බහු ජාතික සමාගම් එකතු වෙලා එතුමාව මරල දැම්ම. (නදී)
ඒකනේ කියමනක් තියෙන්නේ ආදරයයි කැස්සයි හංගන්න බැහැ කියල.(හේ)
අනේ ඔව් අපි ශ්‍රී ලාංකිකයෝ අපේ ඉතිහාසේ කී දෙනෙක් නම් වෙද්දු ඉදලා තියෙනවද? අපි අපේ දේ අගේ කරමු. එපා අපිට ඔය බහු ජාතික සමාගම් මොනම කැස්සක් උනත් ඉඟුරු පැනියට උඩින් යන්නේ නැහැ (නදී)
ලංකාවේ අය කැස්සට නෙවෙයිනේ පැණි බොන්නේ මත වෙන්නනනේ මතකද කොරෙක්ස් D (අ)