අප බොහෝ දෙනා නොසළකා හරින කෙසෙල් ගෙඩි අප සිතා සිටියාට වඩා ප‍්‍රතිලාභ බොහෝමයක් ලබාදෙන පළතුරක් බව මේ ලිපිය කියැවීමෙන් ඔබට පෙනී යනු ඇත.
කෙසෙල්ගෙඩියක ස්වභාවයෙන්ම හමුවන ප‍්‍රධාන සීනි වර්ගතුනකි. සුක්රෝස්,ෆ‍්‍රක්ටෝස් හා ග්ලූකෝස් තුන් ජාතියම එහි ඇත.
මෙනිසා කෙසෙල් ගෙඩියක් කෑම යනු රූපවාහිනී දැන්වීමක පෙන්වනාක් මෙන් නමට ශක්තිය ලැබෙන ශක්තිජනක පානයක් මෙන් නොව සැබෑවටම සිරුරට එක් ක්ෂණිකයකින් ශක්තිය ලබා දෙන්නකි.
එය කෙඳී සහිතය.එනිසා දිරවීම පහසුය.
මෙනිසාවෙන්ම කෙසෙල් ලෝකයේ ප‍්‍රසිද්ධ ක්‍රීඩක කී‍්‍රඩිකාවන් අතර ජනපි‍්‍රය ආහාරයකි.
නමුත් ශක්තියට අමතරව කෙසෙල්වලින් ලැබෙන ප‍්‍රතිලාභ බොහෝය
ආතතියට
මයින්ඩ් ආයතනය ආතතිය ඇති පුද්ගලයින් කණ්ඩායමක් ආශ‍්‍රයෙන් සිදුකර ඇති පර්යේෂණයක් අනුව ඔවුන් බොහෝ දෙනෙක් කෙසෙල් ගෙඩියක් කෑමෙන් තමන්ගේ මනසට සහනයක් දැනෙන්නේයැයි ප‍්‍රකාශ කර ඇත.මෙහි විද්‍යාත්මක පසුබිම වන්නේ කෙසෙල් වල ඇති ප්‍රෝටීන විශේෂයක් වන ටි‍්‍රප්ටොෆන් ශරීරයේදී සෙරොටොනින් නම් සිත සැහැල්ලූ කිරීමේ හා ආතතිය දුරලීමේ සමත් සංයෝගයක් බවට පත්වීමයි.
තවත් කරුණක් වන්නේ කෙසෙල් වල ඇති විටමින් බී6 යි.විටමින් බී6 රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරන අතර රුධිර ග්ලූකෝස් මට්ටම සිතේ ස්වභාවය කෙරෙහි බලපාන බව සොයාගෙන තිබේ.
ආතතියට තවදුරටත් පෙති බීම අවැසි නොවේ.
ලේ හිඟකමට
යකඩ අධික නිසා කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ හිමොග්ලොබින් නිශ්පාදනය ඉහළ නැංවිය හැකිය.එය ලේ හිඟවීමට ප‍්‍රතිකාරයකි.
රුධිර පීඩනයට
කෙසෙල්වල පොටෑසියම් ප‍්‍රමාණය අධිකය අන්තර්ගතව ඇති ලූණු ප‍්‍රමාණය අවමය.මෙනිසා එය රුධිර පීඩනය මර්දනය කිරීමට හොඳ අවියකි.කෙසෙල් නිශ්පාදනයන්ට රුධිර පීඩන තත්ත්වයන් හා ආඝාත තත්ත්වයන් මර්දනය කිරීමට හැකියාව තිබෙන බව නිල වශයෙන්ම නිවේදනය කිරීමේ අවසරය නිශ්පාදකයින්ට ලබාදීමට ඇමරිකා ආහාර හා ඖෂධ අධිකාරියද කටයුතු කර තිබේ.
මොළය වැඞීමට
බි‍්‍රතාන්‍යයේ පාසලක සිසුන් 200 ක් දිනපතා උදය,දහවල් හා රාතී‍්‍ර ආහාර වේල්වලදී කෙසෙල් අනුභව කර ඔවුන්ගේ පාඩම් වැඩකටයුතු පෙරට වඩා සාර්ථකව නිම කළ පුවතක් වාර්තා වේ.විද්‍යාඥයින් පවසන ආකාරයට කෙසෙල් වල ඇති අධික වශයෙන් ඇති පොටෑසියම් මොළය ඉහළ කි‍්‍රයාකාරීත්වයෙන් පවත්වා ගැනීමේ සමත් වන අතර මෙනිසා පාඩම් වැඩකටයුතු වඩා අවධානයෙන් යුතුව කළ හැකිය.
මල බද්ධයට
කෙඳි වලින් සපිරි ආහාරයක් නිසා මල බද්ධයට කෙසෙල්ගෙඩි හොදම පිළිතුරකි.එය මලපහ කිරීම නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කරවීමේ සමත්ය.
රැයේ මත්පැන් පානය කර උදයේ ඇතිවන අපහසුතාවන්ට - ප‍්‍රධාන වශයෙන්ම මත්පැන් පානය නිසා ඇතිවන විජලනයටමෙවන් අපහසුතාවන් මගහරවා ගැනීමට කෙසෙල්, කිරි හා මී පැණි සමග මිශ‍්‍ර කර පානය කිරීම සුදුසුය.කෙසෙල් වලින් උදරය සාමාන්‍ය තත්ත්වයට පත්කරන අතර,මී පැණි මත්පැන් නිසා අඩුවී ඇති සිරුරේ සීනි මට්ටම ඉහළ නංවයි.කිරි විජලන තත්ත්වය පහකරයි.
හදවතේ ඇතිවන රිදුම් වලට
සිරුරේ ඇතිවන අම්ලකර තත්ත්වයන් පාලනය කිරීමේ හැකියාවක් කෙසෙල්වලට ඇත.හදවතේ රිදුම් ඇතිවන අවස්ථාවකදී කෙසෙල් ගෙඩියක් කෑම සහනය ගෙන දෙනු ඇත.
දරු උපත් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට ඇතිවන අපහසුතා වලට
ආහාර වේල් අතරතුරදී කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ දමා ගත හැකිය.මෙය දරු උපතක් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ගේ සිරුරේ සිදුවන වෙනස්කම් නිසා ඇතිවන අපහසුතාවයන් වළක්වාලීමේ සමත්ය.
මදුරුවන් දෂ්ට කිරීම් වලට
එක එක වර්ගයේ ආලේපන වර්ග නොව කෙසෙල් ලෙල්ලක ඇතුල් පැත්ත මදුරුවා දෂ්ට කළ ස්ථානයේ සුමුදුවට ඇතිල්ලීමෙන් වේදනාව මෙන්ම ඉදිමුමද අඩු කර ගැනීමට හැකිය.
ස්නායුවලට
ඉහළ විටමින් බී ප‍්‍රමාණයක් ඇති කෙසෙල් ස්නායු පද්දතියේ සෞඛ්‍යය තත්ත්වය ඉහළ නංවයි.
කුසෙහි ඇති වන වණ වලට
ආහාර මාර්ගයේ විවිධාකාර ආසාදනයන්ට හොදම පිළිතුරක් වන්නේ කෙසෙල්ය.මෘදු ආහාරයක් හෙයින් ආහාර මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදී, ආසාදනයන් නිසා ආහාර මාර්ගය කවර තත්ත්වයක තිබුණද එය වේදනාවක් නොගෙනේ.ආමාශයේ අම්ලකර තත්ත්වයන් නිසා ඇතිවන වණ ආදියටද කෙසෙල් හොද ප‍්‍රතිකාරයකි.එය අම්ලකර තත්ත්වය පාලනය කරනවා සේම වණ උඩින් ආවරණයක් සේ පිහිටා තවත් අම්ල වැදී වණ ‘‘වණ‘‘ වීම වළක්වාලයි.
උෂ්ණත්වය යාමනයට
දරුවන් ලැබීමට නියමිතව සිටිනා කාන්තාවන්ගේ සිරුරේ උෂ්ණත්වය පහත දැම්මේ ශක්තිය කෙසෙල් වලට කෙසෙල් වලට ශක්තිය ඇතැයි විශ්වාසයක් පවතී.තායිලන්තයේ අදටත් බඩ දරු අම්මලාට කෙසෙල් අනුභව කිරීමට දේ.එවිට ඉපදෙන දරුවා සිසිල් ශරීර තත්ත්වයකින් යුතු දරුවෙකු වනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.
මේවාට අමතරව තරබාරු බව අඩු කිරීමේ හැකියාවක්ද කෙසෙල් වලට ඇත.විශේෂඥයින් සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව ඇතැම් රටවල තරබාරු භාවය රෝගයක් යැයි සළකන තරමටම වර්ධනයව ඇත්තේ මිනිසාගේ වැරදි ආහාර පුරුදු නිසාය.මෙනිසා කෙසෙල් වැනි ස්වභාවික ආහාරයන් ගැනීමට හුරු වීම මෙම තත්ත්වය මර්දනය කිරීමට උපකාරී වනු ඇතැයි ඔවුන් පෙන්වා දේ.
‘‘ඇපල් අ ඬේ කීප්ස් අ ඩොක්ටර් අවේ‘‘ (දවසකට ඇපල් ගෙඩියක් කෑවොතින් ඔබට දොස්තර වෙත යෑමට සිදුනොවේ) යන කියමන ඔබ අසා ඇතුවාට සැක නැත.නමුත් කෙසෙල් ඇපල් වලට වඩා, සිව් ගුණයකින් ප්‍රෝටීන වලින් ඉහළය,දෙගුණයකින් කාබොහයිඩ්‍රේටයන්ගෙන් ඉහළය,තෙගුණයකින් පොස්පරස් වලින් ඉහළය,පස් ගුණයකින් විටමින් ඒ හා යකඩ වලින් ඉහළය,දෙගුණයකින් වෙනත් විටමින හා ඛනිජ ලවණ වලින් ඉහළය.
මේ බැව් සළකන විට අප ඉහත කියමන මේ මුළු කාලය පුරාවටම කියා ඇත්තේ වැරදියට බව පෙනේ.‘‘බනානා අ ඬේ කීප්ස් අ ඩොක්ටර් අවේ‘‘ යැයි එය නිවැරදි විය යුතුව ඇත.
ඇත්ත වශයෙන්ම කෙසෙල් යනු ගෙවන මිලට වඩා වටින,කිසිදු ආහාරයකට ළංවිය නොහැකි අද්විතීය ස්ථානයක් හිමි ආහාරයකි.එය අප බොහෝ දෙනා හඳුනාගෙන නොසිටීම නම් කනගාටුදායකය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා වටිනා ලිපියක්. මම ලංකාවේදී දැක නැති වුණත් මේ රටේ වියලන ලද කෙසෙල් තීරු පැකට් කර අළෙවි කරනවා. හරිම රසවත්. ඒ වගේම ගුණදායකලු. එහෙම දෙයක් කළොත් අපේ රටේ අස්වැන්න විකුණාගන්න බැරුව කසළ ගොඩවල් වලට විසිකරන්න ඕනෑ නැතිවේවි (නි)
රෑට දෙකක් දාගත්ත වෙලාවකට දැන් එහෙනම් අවුලක් නැහැ. උදේම කෙසෙල් ගෙඩියක් කෑවා නම් මුස්පේන්තු ගතිය මග ඇරිලා යාවි නේද ? (නදී)
සුබානි, අව් කණ්ණාඩි දාගෙන අමු කෙසෙල් කන්න නම් එපා .... (නි)
මෙය මම දිනපතාම දිගටම කරගෙන අාපු දෙයක් මට කෙසෙල් ගෙඩි නැතුවම බැහැ. (නදී)
කෙසෙල්වල මේ තරම් ගුණදායක බවක් තිබෙන බව දැනගත්තේ ලිපිය කියෙව්වම (නදී)
ඉතා හොඳ පණිවිඩයක්. ඒ උනාට මගේ හදවතේ මේ දවස් වල පොඩි රිදුමක් තිබිලා කෙසෙල් ගෙඩිම කකා ඉන්නේ. තාම මුකුත් වෙනසක් නැහැනේ. (නදී)
කෝවිද මල්ලීගේ විද්‍යාත්මක ලිපිත් ,භාෂා කරණයත් ඉතාමත් අනර්ඝයි. සබරගමුවේ අතීතයේ සිටම කෙසෙල් වලට නම පට බැඳුනේ රඹුක්කනයි. අද කොම්පොස් වෙනුවට රසායනික පොහොර භාවිතය නිසා කෙසෙල් ගෙඩියේ ගුණාත්මක භාවය පිරිහී ගිහින් බව කියන්නේ කණගාටුවෙන් මමත් කෙසෙල් වගා කරන්නෙක් නිසා. (නදී)
කෙසෙල් ගන්න කොට හොඳට පැහිච්ච අමු කෙසෙල් අරගෙන දවසක් දෙකක් තියනකොට හොඳට ඉදෙනවා. එතකොට කාබයිට් ගහපු ඒවා ගන්න ඕන නැ. (දී)
කෙසෙල් නම් ඉතාම ගුණ පළතුරක්. කෙසෙල් ගන්ට ගියාම අපි දුටුවා මොනවද රසායනිකයක් ඇවරි වලට විදිනවා. ගියා වෙනුවට ගත්ත මිස කෑවේ නැහැ. දියවැඩියා වට නම් කෙසෙල් කෑම පාලනයෙන් කලයුතුයි නේද? (නදී)
හොද ලිපියක් නමුත් සීනි ඇති අයට ? (නදී)
කෙසෙල් මෙච්චර ගුණයි කියලා දැනගත්තේ ලිපිය කියෙව්වට පස්සේ (නදී)
ගොඩක් වැදගත් (නදී)
හොඳ උපදේශයක් ලැබුනට ස්තුතියි (නදී)
දොස්තර අමතක කරලා කෙහෙල් ගෙඩි කකා හිටියොත් නියමෙට හිටීවි (නදී)
ලංකාදීපයට බොහොම ස්තූතියි! (නි)
මම පුරුද්දක් වශයෙන් කරන දෙයක්. හැමදාම කෙසෙල් වරදින්නේ නැහැ, එහි වටිනා කමත් හොදින් දැනගෙන සිටියෙමි. ගොඩාක්ම පිළිගෙන තිබුනේ මතක ශක්තිය, මොලේ වර්ධනයට කෙසෙල් වැදගත් පළතුරක් හැටියටයි. මගේ දියණියට හැමදාම උදේටයි හවසටයි කෙසෙල් ආහාරයට දෙන්න මා පුරුද්දක්කර ගත්තෙමි. දියණිය ඉපදීමෙන් පසු මා "ඩීප්ප්‍රේෂන්" තත්වයට පත්වෙලා හිටියා. ඒ නිසාම වෙන්න ඇති, මට ඉක්මනින්ම සුවය වී දැන් හොද සාමාන්‍ය ජීවිතයට නැවත පිවිසෙන්න එයම බොහෝ උපකාරී වූ වග මා තරයේම පිලිගනිමි. ලංකාදීපය ලිපියට ගොඩාක් ඉස්තුතියි. (නදී)
ඉතා වැදගත් ලිපියක්. නොදන්නා දේවල් දැනගත්තා. ලංකාදීපයට ස්තුතියි. (නි)
ගොඩක් වටින ලිපියක් (දිල්)
ලංකාදීපයට ගොඩක් ස්තූතියි මෙවැනි ලිපි පළ කලාට (දිල්)
මොන කෙසෙල් වර්ගයද වඩා සුදුසු? මොකද කෙසෙල් වල ප්‍රබේද ගොඩක් තිබෙනවනේ (නි)
ගොඩක් වටිනා ලිපියක් (නි)
හොඳ ලිපියක් වගේම හොඳ දැනුවත්කිරීමක් (නි)
අනේ අනේ! චමත්, ඔයාගේ කතාවට මට හිනා (නි)
වඩාත් හොඳම දේ අමු කෙසෙල් ඉදවා කෑම. (දිල්)
අගය කළ යුතු ලිපියකි. ලංකාදීපයට ස්තුතියි. (නි)
මගේ දරුවාට මම දවසට කෙසෙල් ගෙඩි තුනක්වත් දෙනවා. ඒත් ඒවාගේ මේ තරම් ගුණයක් තිබෙන බව අදයි දැනගත්තේ. ලිපියට ස්තූතියි.(නදී)
තරමක් ඉදුණු කෙසෙල් අධික රුධිර පිඩනයට හොදයි.දියවැඩියාව ඇත්නම් හොදට ඉදුණු කෙසෙල් කන්න එපා.හැමදාම සැතපුම් දෙකකක් අැවිද්දොත් මාසෙකින් දියවැඩියාව නැතිවෙනවා.(අ)
හොඳ ලිපියක්. ලංකාදීපයට ස්තූතියි (නි)
ධනුෂ්ක, නානායක්කාර කිවුවා වගේ හොඳට පැසුන අමු කෙසෙල් අරගෙන ඉදෙන්න තබන්න. කෙසෙල් වගා කරන ගොවි මහතුන් මේ කෙසෙල් වලට කාබයිට් හෝ රසායනික ගසන්නේ නැහැ. කෙසෙල් ගොවියා හොඳට පැසුණු කෙසෙල් මිස ඉදුණු ඒවා වෙළෙන්දාට නොදෙන්නේ ඒවා ප්‍රවාහනයට ප්‍රශ්නයක් වන නිසාය. කාබයිට් ගසන්නේ කෙසෙල් වෙළෙන්දා විසින්. මොකද පැසුණු හෝ නොපැසුණු කෙසෙල් බලහත්කාරයෙන් ඉදවීම තුළින් ඉක්මනට ඔවුනට මිල කර ගත හැකිය. සාමාන්‍යයෙන් ඔබ කෙසෙල් හෝ පැපොල් මිලදී ගන්නා විටදී හරි ලස්සනට කහපාටින් ඇති විට ඒවා ( විශේෂයෙන් පැපොල්) මිලදී ගන්න එපා. (නි)
මමත් බොහොම කැමති පළතුරක් (නි)
ගොඩක් වැදගත් ලිපියක් (දිල්)
හොඳ ලිපියක් (නි)
මෙවැනි දේවල් තව පළකරන්න .ස්තුතියි ලංකාදීපයට (නි)
මේක හොද පණිවිඩයක්,ඒ වුනාට සිනි තියන කෙනෙකුට මේකෙන් එන බලපෑම කොහොමද දන්නේ නේ නේද?(දිල්)
වටිනා ලිපියක් පල කලාට ලංකාදීපයට තුතී. කව්රු හරි දන්නවා නම් කියන්න අද අපි කඩේන් ගන්න කෙසෙල් වලට කාබයිට් නැතිනම් වෙනත් රසායනික දේවල් යොදල තියෙන්නේ. අපිට වෙන ගන්න විදියකුත් නැහැ (නදී)
ඉතා වැදගත් ලිපියක්. නොදන්නා දේවල් දැනගත්තා. (නදී)
ගොඩක් හොද ලිපියක් ස්තූතියි (දිල්)
මේ දැනුවත් කිරීමට බොහොම පින් (නි)
ඉතාම වටිනා ලිපියක්. ලංකාදීපයට ස්තුතියි.(නදී)
අගය කළ යුතු ලිපියක්. ලංකාදීපයට ස්තුතියි.(නදී)
රූපවතී, මේ ලිපියේ වැදගත් කම මොන තරම්ද කියනවා නම් ලංකාවේ සිටින මගේ පවුලේ සියලුම දෙනාට මේ ලිපිය බැලීමට සැලැස්සුවා. (නදී)
ලිපිය නම් ඉතා අනර්ගයි. එ්ත් ලංකාවේ කාබයිඩ් ගහලා ඉදවපු කෙසෙල් ගැටවලත් මේ ගුණ තියනවාද කියලා හොයා බලන්න වෙනවා. (නදී)
තම වත්තේ කෙසෙල් ගසක් සිටුවා ගත්තා නම් කොතරම් අගනේද? (නි)
ඉතාම වැදගත් ලිපියක්. ලංකාදීපයට ස්තුතියි. (නදී)
පිටරට පළතුරු දරුවන්ට කවන දෙමව්පියන්ට හොඳ පාඩමක්. පළතුරු පිළිබඳව අපේ මින්ස්සුන්ට හොඳ අවබෝධයක් නැහැ (නදී
ස්තුතියි. හොඳ ප්‍රවෘත්තියක් (නදී)
හොද පුවතක් (දී)
අගය කළ යුතු ලිපියක්. ලංකාදීපයට ස්තුතියි. (නි)
හොද ලිපියක් ...අද ඉදන් කෙසෙල් කැනක් තියාගෙන ටික ටික කනවා ...හොදයි නේද රුපවති (දී)..
ඉතා වැදගත් ලිපියක්. ඔබට ස්තුතියි.(නදී)
ලංකාදීපයට ගොඩක් ස්තූතියි. හොද ලිපියක් (නදී)