කිසිම පරිගණකයක් ආරක්ෂිත නැතැයි ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

පසුගිය ජනපතිවරණයේදී රුසියාව ඇමෙරිකාවේ පරිගණක පද්ධති වලට අනවසරයෙන් ඇතුළු වූ බවට ඇමෙරිකා බුද්ධි අංශ කළ චෝදනා සැක සහිත බවද ඔහු කීවේය.

“ඒක බරපතල චෝදනාවක්. ඒ නිසා ඔවුන් ඒ ගැන තහවුරු කරගත යුතුයි. අන් කිසිවෙකු නොදන්නා කරුණු මා දන්නවා‍.“යැයි ඇමෙරිකා බුද්ධි අංශ චෝදනාව ගැන අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසීය.

තමන් ‘හැක්‘කිරීම ගැන බොහෝ දේ දන්නා බවත් බුද්ධි අංශ චෝදනා ඔප්පු කිරීම ඉතා අපහසු බවත් කී ට්‍රම්ප් වරදකරුවන් වෙනත් කෙනකු වීමට ද හැකි බව ද කීවේය.