කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ පහරදීමට ලක්වූ ඔහුගේ ම සේවකයකු නීතිය හමුවට යන බව ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ක්‍රවුන් මෙල්බර්න් කැසිනෝ ශාලාවේ ආරක්ෂක නිලධාරියෙකි.
දිවා ආහාරයේ දී කැසිනෝ ශාලාවට පැමිණි පැකර්ට එහි ඇතුළු වීමට ආරක්ෂක නිලධාරියා ඉඩ දී නැති බවත් ඒ අවස්ථාවේ දී පැකර් ඔහුට බැණ වැදී පහරදී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. දිවා කාලයේ දී කැසිනෝ ශාලාවට කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස නීතියක් පනවා තිබේ.
සිරියානු වැසියකු වන මේ ආරක්ෂකයා වසර 25ක් ඕස්ට්‍රේලියාවේ ජීවත්ව ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි. ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන්ට ජේම්ස් පැකර් හදුනාගත නොහැකි වූ බවයි. මේ හේතුවෙන් තමන්ට ලැබී ඇති උපදෙස් අනුව ක්‍රියාකළ බවත් එම අවස්ථාවේ දී ඔහු තමන්ට බැණ වැදී පහරදුන් බවත් ආරක්ෂක නිලධාරියා පවසයි.
පහර දීමෙන් පසු බිම ඇදවැටුණු සේවකයා රෝහල්ගත කර සිටි බව ද මාධ්‍ය වාර්තාවල දැක්වේ.
2025 නොවැම්බර් මස 04
529
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැසිනෝ රජාටත් නඩු ?
බෙන්තර මහේෂ් Tuesday, 12 January 2016 04:59 AM
මතකනේ එක වතාවකුත් අර ඩේවිඩ් ජින්ජල් කියල මාධ්‍ය ආයතන හිමිකරුවෙක් එක්ක බිම පෙරලි පෙරලි පොර කාලා පස්සේ යාලු වුණා. ඒත් මේ අහිංසකයා ඒ වගේ කෝටිපතියෙක් නොවුන නිසා රැකියාවෙන් දොට්ට දාවි (බ)
කුමාර Tuesday, 12 January 2016 02:41 AM
ඔහොම යමුකෝ... (නි)