අයවැයෙන් එළැඹෙන වසරේ සිට කැසිනෝ ශාලා හා සූදු පොළ මත නව බදු පැනවෙන බව සඳහන් කෙරුණත් කැසිනෝ සංකීර්ණයක් ඇති කිරීම පිළිබඳ වන සාකච්ඡා ශී‍්‍රලංකා රජය හා දිගින් දිගටම සිදුවෙමින් පවතින බව කැසිනෝ රජු ජේම්ස් පැකර් පවසයි.
ජෙම්ස් පැකර්ගේ ක‍්‍රවුන් සමාගම් සමූහය ඩොලර් ලක්ෂ 4750 ක වියදමින් මහා පරිමාන කැසිනෝ සංකීර්ණයක් ශ්‍රීලංකාවේ ඉදිකිරීමට සූදානමින් පසුවේ.
කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීමට නව බලපත‍්‍ර නිකුත් නොකෙරෙන හෙයින් ක‍්‍රවුන් සමූහයේ ශී‍්‍ර ලංකා හවුකරුවා වන රෑන්ක් හෝල්ඩිංග්ස් සතුව ඇති කැසිනෝ බලපත් දෙකක් එම කැසිනෝ සංකීර්ණය පවත්වාගෙන යෑම සදහා භාවිතා කිරීමට සැළසුම් කර ඇත.
ක‍්‍රවුන් සමාගමේ ආධිපත්‍ය තවදුරටත් ලොව පැතිරවීමට තුන්වන ලෝකයේ රටවල් හොඳ අවස්ථාවක් යැයි පසුගියදා පැවති හමුවකදී සඳහන් කළ ජේම්ස් පැකර් එහිදී ශී‍්‍ර ලංකාව ගැන විශේෂයෙන් සඳහන් කරමින් සංචාරකයින් ඈඳා ගැනීමේ සමත් පහසුකම් ඇතිකිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය සිතා බැලිය යුතුව ඇතැයි කීය.උදාහරණයක් ලෙස සිංගප්පූරුව ගත් හෙතෙම එහි ඇති කැසිනෝ ශාලා ද්විත්වය රටට විදේශිකයින් ගලා ඒමට ප‍්‍රධාන හේතුවක් වී ඇතැයි පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා පණ්ඩිතයිනි, කැසිනෝ සුදුවකි.(නදී)
කැසිනෝ රජා තම වෑයම අත්හරින්න හදන්නේ ජනතා විරෝධය නිසා නොව කැසිනෝ හා මහාපරිමාණ සූදු වලට මෙදා අයවැයෙන් පනවන ලද බද්ද නිසා කියලයි මට හිතෙන්නේ.එහෙත් මෙම සෙල්ලම දෙස් විදෙස් සල්ලිකාරයන් කරන්නේ ඩොලර් වලින් නිසා රුපියලේ අගය වේගයෙන් අඩුවන මෙම යුගයේ මේ ගැන ඔහු නැවත සිතනු ඇත (නි)
මෙතන අලුතෙන් කැසිනෝ දැමීමක් සිද්ධ වෙන්නේ නෑ. මේක එපා නම් ඇයි තියෙන ඒවා අපේ මිනිස්සුන්ට හොද වෙන්නේ?? මේවා දැම්මාම ගණිකාවෝ එනවලු. මෙහෙම කියන අපේ සහෝදර සහෝදරියන්ට මම ආරාධනා කරනවා කොළඹ නගරයේ දවසක් රවුමක් ගහන්න කියලා උදේ ඉදන් රෑ වෙනකම්. ගණිකාවෝ ලංකාවට අලුතෙන් ඕන නෑ. ලංකාව කියන්නේ සූදූව නැත්තටම නැති රටක් නෙමෙයි. මේවා ගැන කතා කරන්න කලින් අපේ රටේ බුකි ටික වහ ගත්තොත් නරකද? පැකර්ගේ කැසිනෝ සංකීර්ණයෙන් සේවා සපයන්නේ ලාංකිකයන්ට නෙමෙයි. නමුත් ඔය හන්දියක් හන්දියක් ගානේ තියෙන බුකි වලට එන්නේ විදේශිකයෝ නෙමෙයි අපේම මිනිස්සු. මේක හෝටල් සංකීර්ණයක්. අපේ මිනිස්සු නොදැනුවත්කම නිසා නැති කරගන්න යන්නේ රටට ලැබෙන්න ගිය වටිනා ආයෝජන අවස්ථාවක්. රටක් එක තැන පල්විය යුතු නෑ. සිංගප්පූරුව කියන්නේ කිසිම ස්වාභාවික සම්පතක් නැති රටක්. අද ඔය තත්ත්වයට ඇවිත් තියෙන්නේ වරාය හා සංචාරක කේෂත්‍රය නිසා. ලංකාව දියුණු කරන්න ගැලපෙනම කේෂත්‍ර 2ත් ඒකම තමයි. ළග බලන්න එපා දුර බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අපේ පුරවැසියන්ගේ සදාචාරයයි හදා ගන්න ඕන. මේකට විරුද්ධ වෙන එක නෙමෙයි. (අ)
මම කියන්නේ ඔය ව්‍යාපෘතිය කරන්න ඕනෑ. සංචාරක කර්මාන්තය දියුණු වෙන්න ඔය දේවල් අවශ්‍යයි. අපි ලෝකයත් එක්ක ඉදිරියට යන්න ඕනෑ (නි)
බෙනට්, ඔයත් හොඳ කැසිනෝ කප්පිත්තෙක් වගෙයි. ඔයා මොළය උඩ ඉඳගෙනද ඔය කතාකරන්නේ? (නි)
බෙනට් තමන්ගේ අදහස් ලියන වෙලාවේ වස්ත්‍රයක් ඇඳගෙන හිටියද කියල කිහිප දෙනෙක්ම අපෙන් ඇසුවා. ගණිකා වෘත්තියෙනුත් මීට වඩා හම්බ කළ හැකිබව ඔහුට මතක්කර දෙන්න යයි ඒ අය අපගෙන් ඉල්ලා සිටියා. (අ)
ඔහුට ලංකාවට එන්න ඉඩදෙන්න එපා. මම මේ දිනවල ඕස්ට්‍රේලියාවේ වැඩකරන නිසා මෙයාගේ ක්‍රියාකලාපය හොඳට දන්නවා. (නි)
ගනිකා වෘත්තිය හා අසීලාචාර සමාජයක් උදෙසා යන කැසිනො ව්‍යාපාරය අප රටට ගැලපෙන්නේ නැත.(අ)
කැසිනෝ දැනට තියෙන ටික ඇති.... අලුතින් දන්නා ඕනේ නැහැ.... හැබැයි ශ්‍රී ලාංකිකයන්ට කැසිනෝ සෙල්ලම් කරන්න තහනම් කරන්න ඕනේ... පිටරටින් එන අයට විතරක් ඇතුල් වෙන්න දෙන්න ඕනේ... එතකොට රටේ සල්ලි කැසිනෝ වලට යන්නේ නැහැ... සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෝ සුදුවට පුරුදු වෙන්නේ නැහැ... පිටරට සුදු අන්තුවෝ ඇවිල්ල පැරදිලා ගියාට අපේ මොකෝ...? (අ)
නොදන්නා මිනිස්සු මොන තරම් අකමැති උනත් මේ වටිනා අවස්ථාව අත අරින එකනම් විශාල මෝඩකමක් ... මම අවන්කවමයි කියන්නේ .. මේක ආරම්බ කලොත් ලෝකයේම ඉන්න විශාල ධනවතුන් ලංකාවට එනවා .. මේකෙන් ලංකාවේ සල්ලි විදේශ වලට යාමක් වෙන්නේ නෑ.. ඒ එන ධනවතුන් ගේන සල්ලි තමයි ආපහු යනවා නම් යන්නේ .. මේ වගේ දෙයකට ලංකාවේ මිනිස්සු අකමැති වෙනවා කියන්නේ මහා මෝඩකම ක් ... ගොඩක් මේකට අකමැති වෙන්නේ කැසිනෝ එකක් කවදාවත් දැකල නැති , කැසිනෝ කියන්නේ මොකක්ද කියලවත් නොදන්නා ගමේ ගොඩේ මිනිස්සු වීමයි දුක ... මේක වටිනා අවස්තාවක් ... ලංකාවේ එක සත පහක් පිට රටට ගලායාමක් මෙයින් වෙන්නේ නෑ .. ඒ වගේම වෙනත් කිසිම හානියක් මෙයින් වෙන්නේ නෑ ... ලැබෙන්න තියෙන වාසි ගොඩාක් බලෙන් ගෙන්න පැකර් මහතා උත්සහ කලත් අපේ මිනිස්සු අකමැති වෙන එක මහා පුදුමයක් ... ලංකාවට එන්න හිතන්නෙවත් නැති , ලංකාව තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නැති ලෝකයේ මහා ධනවතුන් ලංකාව හොයාගෙන එන තත්වයට රට පත්වෙන එකට මිනිස්සු අකමැති වීම නම් අදහන්න බෑ... (ස)
කැසිනෝ වලින් විදේශ විනිමය එනවා වගේ උඩින් පෙනුනාට ඒ අය සල්ලි ගෙනෙන්නේ නැහැ. ඔවුන් එහෙදි සල්ලි දීලා මුළු සංචාරයම පැකේජ ක්‍රමයකට එන්නේ. සංචාරයේදී දිනුවත් පැරදුනත් මෙහෙ ගනුදෙනුවක් නැහැ. (නි)
බෙනට් මහත්තයෝ, ළඟ බලන්න එපා. දුර බලන්න. අතට එන සුළු සොච්චමකට රටම , ජාතියම උගස් කරන්න හිතන්න එපා. කැසිනෝ කියන්නේ සුදුවක්. මෙයට පෙලඹෙන්නේ හොඳ මිනිස්සු නොවේ. කුඩු වෙළදාම , අවි ගනුදෙනු, මාෆියා ක්‍රියා කාරකම්, දුප්පත් රටවල මිනිස්සුන්ගේ සල්ලි වලින් කොමිස් , කුලී මිනීමැරීම් ආදී දේ වලින් බදු රහිතව බිලියන් ගණන් හොයපු ටයි කෝට් දා ගත්ත මහත්හොරුන්ගේ කසන සල්ලි විසි කරන්න එන තැන තමයි කැසිනෝ සුදුව. සාධාරන හරි හම්බ කරපු අය ඔතනට එනවද ? ඊට පස්සේ උන්ට අවශ්‍ය අනිත් ඒවා. මිල අධික රට මත්පැන් , ගණිකාවෝ, ආනයන කල ආහාර , වතුර බෝතලේ , ...පිහන කොලේ පවා දෙන්න වෙන කොට අතේ ඉතුරුවෙන්නේ මොනවාද ? අද තායිලන්තයෙන්, ඉන්දියාවෙන්, සින්ගප්පුරුවෙන්, රුසියාවෙන් ආදී රටවලින් පවා ගනිකාවෝ ඉම්පෝට් කරනවා දැනුත්. ඉස්සරහට කොහොම වෙයිද? අද ලංකාවේ ඒඩ්ස් රෝගීන් කොච්චර වැඩි වෙලා තියෙනවද පසුගිය කාලේ. මේවා ආවේ කොහෙන්ද ? මෙම කැසිනෝ වලට වැඩට ගන්නේ එයාලට ඕනේ විධියට ඕනෑම දෙයක් කරන්න ලැස්ති තරුණ පිරිස්. සල්ලි වලට යටවී ගිය සාරධර්ම නැති රටක මේ තරුණ කොටස් ජාතියක් ජන්මයක් නැති අය බවට පත් වෙනවා. දැනටමත් ලංකාවේ වැදගත් විදියට අවාහ විවාහ කරලා දෙන්න කොල්ලෙක් කෙල්ලෙක් හොයා ගන්න බැරිව පත්තරවල දාන මංගල දැන්වීම් සංඛ්‍යාව කොච්චරද කියල බලන්න. ණය වෙලා හරි බටර් කාල හිටපන් කියන පිස්සු වෙලා තියන මොළ තවත් තවත් තද කරගන්න හදන්න එපා. මේ කැසිනෝ වසංගතයට විරුද්ධ වුන අපේ රටේ විද්වත් , උගත් පිරිස කළ ප්‍රකාශ සැලකිල්ලට ගන්න. " සිහින ලොවින් ඔබ බිමට බසිනු මැන......නැඹුරුව මේ මවු බිම සිප ගනු මැන... උදාර දෑ බැතියෙන් .......පිබිදී ....." (අ)
මට නම් කැසිනෝ දැම්මට කිසි ප්‍රශ්නයක් නැ . තමන් හරියට ඉන්නවනම් මොකටද බයවෙන්නේ . අනික මේවා දැම්ම කියලා බය වෙන්නේ ,ඒවාට යටි හිතින් කැමති අයම තමයි ,ඒවාට ඇබ්බැහි වෙයි කියලා බයට , සුදුවයි .ඒවා අපේ රටට අලුත් දේවල් නෙමෙයි කියලා ඒ අයට අමතකයි .. .අනික මේවට සාමාන්‍ය අයට යන්න හිතන්නවත් බෑ . මේවා දැම්මා කියලා නිකං දොර අරගෙන ඇතුලට පාරේ කඩවල් වාගේ බලෙන් තල්ලු කරන්නේ නෑ .මේවාට හැම කෙනෙක්ටම ඕන විදියට යන්නත් බෑ ,මේවා දාන්නේ ලොකු නීති රීති පද්දතියක් තුලයි .මේකෙන් වෙන වාසිය වෙන මොනම අංශයකින් ගන්න බෑ .අපි වාසිය ගැන විතරක් හිතන එක වැරදියි තමයි ,නමුත් අපි හිතින් මවාගෙන ඉන්න තරම් අවාසි නෑ මෙතන ..සමහර කුහක අය මේ බව දන්නවා වුනත් ඒ අය වැරදි මවලා පෙන්නන්නේ ඒ අයගේ ව්‍යාපාරික අරමුණු ,දේශ පාලන අරමුණු ඉටු කරගන්නයි ..ඒ අයගේ වචන වලට ගොඩක් රැවටෙන්නේ ළිදේ ඉන්න මැඩියන්ට සමාන හා නුගත් පිරිසක් .(හේ)
මට නම් කැසිනෝ දැම්මට කිසි ප්‍රශ්නයක් නැ . තමන් හරියට ඉන්නවනම් මොකටද බයවෙන්නේ . අනික මේවා දැම්ම කියල බය වෙන්නේ ,ඒවාට යටි හිතින් කැමති අයම තමයි ,ඒවාට ඇබ්බැහි වෙයි කියල බයට .සමහර අයට තියෙන බය ගණිකා , සුදුවයි .ඒවා අපේ රටට අලුත් දේවල් නෙමෙයි කියල ඒ අයට අමතකයි .. .අනික මේවට සාමාන්‍ය අයට යන්න හිතන්නවත් බැ . මේවා දැම්ම කියල නිකං දොර අරගෙන ඇතුලට පාරේ කඩවල් වාගේ බලෙන් තල්ලු කරන්නේ නැ .මේවට හැම කෙනෙක්ටම ඕන විදියට යන්නත් බැ ,මේවා දාන්නේ ලොකු නීති රීති පද්ධතියක් තුළයි .මේකෙන් වෙන වාසිය වෙන මොනම අංශයකින්වත් ගන්න බැ .අපි වාසිය ගැන විතරක් හිතන එක වැරදියි තමයි ,නමුත් අපි හිතින් මවාගෙන ඉන්න තරම් අවාසි නැ මෙතන ..සමහර කුහක අය මේ බව දන්නවා උනත් ඒ අය වැරදි මවලා පෙන්නන්නේ ඒ අයගේ ව්‍යාපාරික අරමුණු ,දේශපාලන අරමුණු ඉටු කරගන්නයි ..ඒ අයගේ වචන වලට ගොඩක් රැවටෙන්නේ ළිදේ ඉන්න මැඩියන්ට සමාන නුගත් පිරිසක් .. (බ)
කොච්චර රට දියුණු වුණත් වැඩක් නැහැ වටින්නේ භෞතික සිදුවන දියුණුව නොවෙයි මානුෂීය,ආධ්‍යාත්මික වශයෙන් සිදුවන දියුණුවයි.(දිල්)
සුදුව එපා කියන්නේ එක ලංකාවට අලුත් දෙයක්ද ,(හේ)
ශ්රී ලංකාව සිංගප්පුරුවක් නොවන බව සියල්ලන්ම තරයේ සිහියේ තබාගත යුතුව ඇත. මේ රට නිකන්ම නිකන් ලංකාව නොව "ශ්‍රී ලංකාවයි". එසේ "ශ්‍රී" යනු ගෞරවනීය ලංකා ලෙස ගත හැක. එවන් රටක වටිනාකම මුදල් මත පදනම් නොවූ අධ්‍යාත්මික වටිනාකමකි. (නි)
මේකේ කොමෙන්ට්ස් දාපු අය දැක්කම මාර පණ්ඩිතයෝ ටිකක් ලංකාවේ ඉන්නේ කියල හිතෙනවා. පණ්ඩිත කතා වලට දක්ෂයි. (ර)