කොස්ටාරිකා රාජ්‍යයට බලපා ඇති සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් 9 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

නැගෙනහිර පැසිෆික් කලාපයේ වර්ධනය වූ ඔට්ටෝ සුළි කුණාටුව දෙවැනි ගණයේ සුළි කුණාටුවක් බවත් එය කොස්ටාරිකා වෙරළ තීරයට හා නිකරගුවා වලට තදින් බලපා ඇති බවත් කියති.

එම කලාපයට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එම කලාපයේ මුහුදු තීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 දක්වා ඉහළ යෑමත් සමග වාර්තාවූ මෙම විශේෂිත කාලගුණික තත්ත්වය නිසා මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව කියති. 

web4cd749679ad4adebaff2d25b_18