කසකස්තානයේ අල්මාටි වාණිජ අගනුවර සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනකු හා සිවිල් වැසියකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
මුස්ලිම් අන්තවාදීන් ප්‍රහාරය පිටුපස ඇතැයි එරට ආරක්ෂක අංශ කියයි. ප්‍රහාරයට පැමිණි දෙදෙනාගෙන් අයකු අත්අඩංගුවට ගෙන ඇත.
අභ්‍යන්තර කටයුතු ඇමැති පවසනුයේ 27 හැවිරිදි තුවක්කුකරු අත්අඩංගුවට ගත්තද ඔහුගේ සහායකයා පළාගොස් ඇති බවයි. රොයිටර් වාර්තා සඳහන් කරන අන්දමට මරණ සංඛ්‍යාව හයක් වනු ඇතැයි කියති.
තෙල්වලින් පොහොසත් ධන කුවේරයන් සිටින කසකස්තානයේ යෝජිත ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කුපිතව සිටින විරෝධතාකරුවෝ පසුගිය දිනවල විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd