කසකස්ථානයේ අස්තානා අගනුවර නගර අලංකරණය සදහා යොදාගෙන තිබූ මල් වගාව අතරේ කංසා වගාකර තිබියදී සොයාගැනීමට එරට බළධාරීන් සමත්වි ඇත.
මේ පිළිබඳව මුලින්ම හෙළිදරව්වක් සිදු කළේ රුසියා ඡායාරූප ශිල්පීන් පිරිසක් වන අතර ඔවුන්ගේ නිගමනය වූයේ මෙම පැළ කවුරුන් හෝ වගාකර ඇති හෝ නැතිනම් කසකස්ථාන පොලිසියම කංසා වලට ඇබ්බැහි වී සිටින්නවුන් අතටම අල්ලා ගැනීමෙන් අරමුණෙන් මේ පැළ වගාකරන්නට ඇති බවයි.
නමුත් ප‍්‍රකාශයක් නිකුත් කර තිබෙන කසකස්ථාන පොලිසිය එහි සදහන් කර තිබෙන්නේ මේ සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු මැදහත්වීමක් නොමැති අතර මල් වගාවන් නඩත්තුව භාරදී තිබෙන සමාගමෙන් මේ පිළිබඳ විමසීමට බලාපොරොත්තු වන බව පොලිසිය පවසයි
කංසා ඇතුළු මත්ද්‍රව්‍ය වලට කසකස්ථානය තෝතැන්නකි.මත්ද්‍රව්‍ය එරට කෙතරම් සංවිධානාත්මකව කි‍්‍රයාත්මක වන්නේද යත් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ඒ හමුවේ සිටින්නේ කිසිත් කරකියා ගත නොහැකි තත්ත්වයකය.
කසකස්ථානයේ දේශගුණය කංසා වගාවට ඉතා හිතකර යැයි සැළකෙන අතර ඒ හේතුවෙන් එරට අනවසර කංසා වගාවන් සිදුකර තිබෙන්නේ අක්කර දහස් ගණන් වලිනි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කංසා ගහේ මලුත් හැදෙන නිසා නගර අලංකරණයටත් හොඳයි.(බ)
එහෙ නම් මාරු ඔයී.. (ම)
කසකස්ථානේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නෙ නෑ (බ)
ඒ මලත් ලස්සනයි.(ත)