කසකස්ථානයේ අස්තානා අගනුවර නගර අලංකරණය සදහා යොදාගෙන තිබූ මල් වගාව අතරේ කංසා වගාකර තිබියදී සොයාගැනීමට එරට බළධාරීන් සමත්වි ඇත.
මේ පිළිබඳව මුලින්ම හෙළිදරව්වක් සිදු කළේ රුසියා ඡායාරූප ශිල්පීන් පිරිසක් වන අතර ඔවුන්ගේ නිගමනය වූයේ මෙම පැළ කවුරුන් හෝ වගාකර ඇති හෝ නැතිනම් කසකස්ථාන පොලිසියම කංසා වලට ඇබ්බැහි වී සිටින්නවුන් අතටම අල්ලා ගැනීමෙන් අරමුණෙන් මේ පැළ වගාකරන්නට ඇති බවයි.
නමුත් ප‍්‍රකාශයක් නිකුත් කර තිබෙන කසකස්ථාන පොලිසිය එහි සදහන් කර තිබෙන්නේ මේ සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු මැදහත්වීමක් නොමැති අතර මල් වගාවන් නඩත්තුව භාරදී තිබෙන සමාගමෙන් මේ පිළිබඳ විමසීමට බලාපොරොත්තු වන බව පොලිසිය පවසයි
කංසා ඇතුළු මත්ද්‍රව්‍ය වලට කසකස්ථානය තෝතැන්නකි.මත්ද්‍රව්‍ය එරට කෙතරම් සංවිධානාත්මකව කි‍්‍රයාත්මක වන්නේද යත් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ඒ හමුවේ සිටින්නේ කිසිත් කරකියා ගත නොහැකි තත්ත්වයකය.
කසකස්ථානයේ දේශගුණය කංසා වගාවට ඉතා හිතකර යැයි සැළකෙන අතර ඒ හේතුවෙන් එරට අනවසර කංසා වගාවන් සිදුකර තිබෙන්නේ අක්කර දහස් ගණන් වලිනි.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1668
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කසකස්ථානයේ මල් අස්සේ කංසා
චන්න බුවනක Friday, 29 May 2015 06:12 PM
කංසා ගහේ මලුත් හැදෙන නිසා නගර අලංකරණයටත් හොඳයි.(බ)
සුමිත් Friday, 29 May 2015 09:42 PM
එහෙ නම් මාරු ඔයී.. (ම)
චන්ද්‍රසිරි Saturday, 30 May 2015 03:07 PM
කසකස්ථානේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නෙ නෑ (බ)
චන්න බුවනක Saturday, 30 May 2015 03:29 PM
ඒ මලත් ලස්සනයි.(ත)