දෙමාපියන් තෝරාදුන් තරුණියක හා විවාහ වීමට ගිය තරුණයෙකු ඇය අවලස්සන යැයි කියා විවාහ උත්සවයෙන් පැනවිත් ගඟකට පැන ගිලී සියදිවි නසාගැනීමට තැත්කළ පුවතක් චීනයෙන් වාර්තා වේ.
කැන්ග් හු නම් වන මේ අවාසනාවන්ත මනමාලයා තමන්ගේ අත ගැනීමට සිටි තරුණිය ප්‍රථම වතාවට දැක ඇත්තේ විවාහ උත්සවයේදීමය. ඇය ඔහුට සුදුසුයැයි තීරණය කර ඇත්තේ ඔහුගේ දෙමව්පියන්ය.
ඇය අවලස්සනයැයි එක එල්ලේම ප්‍රකාශ කර ඇති ඔහු වහාම උත්සවයෙන් පළාගොස් ඇත.කෝපයට පත්ව සිටි මනාලියගේ දෙමව්පියන්,ඒ හා සමානවම කෝපයට පත්ව සිටි ඔහුගේ දෙමව්පියන් හා නින්දාවට පත්වූ ඔහුගේ මිතුරන් ආදීන් සියල්ල කැන්ග් හු කොහෙට පැනගියේදැයි සොයන විට උත්සවය පැවැත්වුනු ශාලාවට යාබදව ගලා යන ගංගාව අසබඩ ඔහු ඇවිදමින් සිටිනු දැකගත හැකිව ඇත.
තමන් අල්ලා ගැනීමට පැමිණෙන පිරිස දුටු කැන්ග් තමන්ට මේ තරුණිය විවාහ කරගත නොහැකි බව කියමින් ගඟට පැන ඇත.වහාම කි්‍රයාත්මකවූ ඔහුගේ මිතුරන් පොලිසිය හා ගිනි නිවන හමුදාව අමතා ඔවුන්ගේ උදව් ඇතිව කැන්ග් බේරාගැනීමට සමත්ව ඇත.
දියපෙවී සිහිසුන්ව සිටි කැන්ග් පොලිසියේ ප්‍රථමාධාර ලැබ පියවි ලෝකයට පැමිණි අවස්ථාවේ ඔහු කියා ඇත්තේ තම දෙමව්පියන්ගේ තීරණය නිසා දැන් මෙම තරුණිය විවාහ කරගැනීමටම සිදුවන බවය.සියදිවි නසාගැනීමකින් තොරව මින් ගැලවීගත හැකි ක්‍රමයක් තමන්ට නොපෙනන බව මිතුරන්ගේ කරමතින් නැවත වරක් උත්සව ශාලාව යමින් සිටියදී කැන්ග් සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුස පබා තව අර්ථකතනයක්
සසිත් Wednesday, 08 April 2015 03:46 PM
දුමින්ද ඔයත් කැතද?(බ)
දුමින්ද Tuesday, 07 April 2015 07:43 AM
කලක් යනකොට මොන සුරඟනත් වේවි අබලන් (බ)