දෙමාපියන් තෝරාදුන් තරුණියක හා විවාහ වීමට ගිය තරුණයෙකු ඇය අවලස්සන යැයි කියා විවාහ උත්සවයෙන් පැනවිත් ගඟකට පැන ගිලී සියදිවි නසාගැනීමට තැත්කළ පුවතක් චීනයෙන් වාර්තා වේ.
කැන්ග් හු නම් වන මේ අවාසනාවන්ත මනමාලයා තමන්ගේ අත ගැනීමට සිටි තරුණිය ප්‍රථම වතාවට දැක ඇත්තේ විවාහ උත්සවයේදීමය. ඇය ඔහුට සුදුසුයැයි තීරණය කර ඇත්තේ ඔහුගේ දෙමව්පියන්ය.
ඇය අවලස්සනයැයි එක එල්ලේම ප්‍රකාශ කර ඇති ඔහු වහාම උත්සවයෙන් පළාගොස් ඇත.කෝපයට පත්ව සිටි මනාලියගේ දෙමව්පියන්,ඒ හා සමානවම කෝපයට පත්ව සිටි ඔහුගේ දෙමව්පියන් හා නින්දාවට පත්වූ ඔහුගේ මිතුරන් ආදීන් සියල්ල කැන්ග් හු කොහෙට පැනගියේදැයි සොයන විට උත්සවය පැවැත්වුනු ශාලාවට යාබදව ගලා යන ගංගාව අසබඩ ඔහු ඇවිදමින් සිටිනු දැකගත හැකිව ඇත.
තමන් අල්ලා ගැනීමට පැමිණෙන පිරිස දුටු කැන්ග් තමන්ට මේ තරුණිය විවාහ කරගත නොහැකි බව කියමින් ගඟට පැන ඇත.වහාම කි්‍රයාත්මකවූ ඔහුගේ මිතුරන් පොලිසිය හා ගිනි නිවන හමුදාව අමතා ඔවුන්ගේ උදව් ඇතිව කැන්ග් බේරාගැනීමට සමත්ව ඇත.
දියපෙවී සිහිසුන්ව සිටි කැන්ග් පොලිසියේ ප්‍රථමාධාර ලැබ පියවි ලෝකයට පැමිණි අවස්ථාවේ ඔහු කියා ඇත්තේ තම දෙමව්පියන්ගේ තීරණය නිසා දැන් මෙම තරුණිය විවාහ කරගැනීමටම සිදුවන බවය.සියදිවි නසාගැනීමකින් තොරව මින් ගැලවීගත හැකි ක්‍රමයක් තමන්ට නොපෙනන බව මිතුරන්ගේ කරමතින් නැවත වරක් උත්සව ශාලාව යමින් සිටියදී කැන්ග් සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද ඔයත් කැතද?(බ)
කලක් යනකොට මොන සුරඟනත් වේවි අබලන් (බ)