මානසික පීඩනයක් හේතුවෙන් කාසි හා යකඩ ඇණ ගිල දැමූ පුද්ගලයකුගේ උදරයේ තිබී කාසි 140ක් හා ඇණ 150ක් පිටතට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස කාසි ගිල දමා ඇත්තේ රාජ්පාල් සිං නමැති 34 හැවිරිදි ගොවියෙකි. දැඩි වේදනාවක් ගෙනදෙන උදරාබාදයක් හේතුවෙන් පන්ජාබ් නගරයේ රෝහලකට ඇතුළුකිරිමෙන් පසු කරන ලද එන්ඩස්කොපි පරීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ ඔහුගේ උදරයේ ලෝහ කැබලි ඇති බවයි.
ඔහු වසර තුනක කාලයක් පුරා ගිල දැමූ කාසි 140ක්, ඇණ මුරිච්චි කැබලි 150ක් සහ බැටරි කිහිපයක් උදරයෙන් එළියට ගෙන ඇත.
උදරයේ තිබූ යකඩ කැබලි හා කාසි ඉවත්කිරිම සිදුකළ පන්ජාබ් රෝහලේ වෛද්‍ය ගගන්දීප් ගොයාල් මහතා පවසන්නේ ඔහුගේ ආහාරමාර්ගයේ කැමරාවක් යවා පරීක්ෂා කළ විට පුදුම සහගත දර්ශනයක් දැකගත හැකිවූ බවයි. එහි ලෝහ රැසක් තිබූ බවත් පසුව ඒවා ඉවත් කිරීමට කටයුතු කළ බවත වෛද්‍යවරයා පවසා ඇත.
‘‘ අපි ලෝහ කොටස් විශාල සංඛ්‍යාවක් ඉවත් කළා. නමුත් තියුණු කොටස් කිහිපයක් සහ කාසි කිහිපයක් තවමත් තිබෙනවා. තව දින කිහිපකින් එම ලෝහ කොටස් ද ඉවත්කිරීමට අපි කටයුතු සූදානම් කැර තිබෙනවා. මානසික ගැටළුවක් නිසා ඔහු කාසි ඇතුළු ලෝහ ගිල දමනවා. ඒ සඳහා ප්‍රතිකාර කළ යුතුයි. “
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගිලින්නේ කාසි නෙමේ . ඩොලර් ඩොලර් (බ)
මේ හිඟන කාසි ගිලින්නෙක්. ලංකාවේ හිටියා පින් පෙට්ටිය වගේ දාන දාන හැම සතයක්මත් මිටි සල්ලිත් අනුන්ගේ ඉඩමුත් එක හුස්මට ගිලින පව්ලක්. රාජ් කියල මුලින් තිබුන හැබැයි පාල් ද දන්නේ නෑ. (ස)
අපේ අර කෙනෙකුට වගේ විශිෂ්ට මොළයක් තිබුනා නම් කෝටි 4000ක් විතර උගුරටත් නොදැනී ගිලින්න තිබුනා (නි)
රටේ කාසි ගිලින අය නම් දේශපාලනේ ඉන්නවා. (ස)
ලෙඩාගෙ නම ලංකාවේ හිටපු ඇමැතිවරයකුගේ නමක් නොවෙයි කියා විශ්වසයි නේද? (ත)
අපේ රටේ හැටියට මේ මොන ලජ්ජා නැති වැඩක්ද අපේ අය ගිලින්නේ කෝටි ගණන් (ස)
ඊයේ පෙරේදා අපේ මහා බැන්කුවෙන්ම ගිල්ලා බිලියන ගානක් ඒ වුනාට කිසිම ශල්‍ය කර්මයක් කරන්නේ නැතුවම ලෙඩ සුවකලා අපේ පින් අගමැතිතුමා. මෙහෙ එන්ඩොස්කොපි අවශ්‍ය නැහැ ඕනේ එයාට ඉන්නවා නියම සාමාජිකයෝ ටිකක් එකට ඉද ගත්ත දවස් තුනෙන් ලෙඩේ හොදයි. ලද දන්නෙත් නැහැ මොකද උනේ කියල. (ස)