කාශ්මීරයේ ප්‍රථම මහා ඇමතිවරිය ලෙස 56 හැවිරිදි මෙහෙබුබා මුෆ්ටි වැඩ බාරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකාව වශයෙන් ඇය කටයුතු කර තිබේ. ඇගේ පියා වන හිටපු මහා ඇමති මුෆ්ටි මොහොමඩ් සයිඩ් ගේ අභාවයෙන් පසු හිස් වූ එම ධුරයට ඇය තේරී පත් වූවාය.
පසු ගිය මාසයේ ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සමග සිදු කළ සාකච්චාවකින් අනතුරුව මෙම තනතුර ලබා දෙන්නට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම කාශ්මීරයේ ප්‍රධාන පක්ෂ ද්විත්වය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ භාරතීය ජනතා පක්ෂය සමග ඇති ගැටුම තවදුරටත් දුර දිග යන සලකුණු ඇතැයි විචාරකයින් පවසයි.
2014 මැතිවරණයේදී කාශ්මීරයේ කිසිම පක්ෂයකට බහුතරයක් ලබාගැනීමට නොහැකි විය. අවස්ථා කිහිපයකදීම එම පක්ෂ දෙක අතර මත්බේද ඇති විය. කාශ්මීරය වෙනුවෙන් පකිස්ථානය සහ ඉන්දියාව 1989 සිට ගැටුම් ඇති කරගෙන ඇති අතර ඉන් 68000කට වැඩි වැඩි පරිසක් ජිවිතක්ෂයට පත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd