කාශ්මීරයේ ප්‍රථම මහා ඇමතිවරිය ලෙස 56 හැවිරිදි මෙහෙබුබා මුෆ්ටි වැඩ බාරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකාව වශයෙන් ඇය කටයුතු කර තිබේ. ඇගේ පියා වන හිටපු මහා ඇමති මුෆ්ටි මොහොමඩ් සයිඩ් ගේ අභාවයෙන් පසු හිස් වූ එම ධුරයට ඇය තේරී පත් වූවාය.
පසු ගිය මාසයේ ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සමග සිදු කළ සාකච්චාවකින් අනතුරුව මෙම තනතුර ලබා දෙන්නට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම කාශ්මීරයේ ප්‍රධාන පක්ෂ ද්විත්වය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ භාරතීය ජනතා පක්ෂය සමග ඇති ගැටුම තවදුරටත් දුර දිග යන සලකුණු ඇතැයි විචාරකයින් පවසයි.
2014 මැතිවරණයේදී කාශ්මීරයේ කිසිම පක්ෂයකට බහුතරයක් ලබාගැනීමට නොහැකි විය. අවස්ථා කිහිපයකදීම එම පක්ෂ දෙක අතර මත්බේද ඇති විය. කාශ්මීරය වෙනුවෙන් පකිස්ථානය සහ ඉන්දියාව 1989 සිට ගැටුම් ඇති කරගෙන ඇති අතර ඉන් 68000කට වැඩි වැඩි පරිසක් ජිවිතක්ෂයට පත්වූහ.
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාෂ්මීරයේ ප්‍රථම මහඇමැතිනිය වැඩ බාර ගනියි