රජයේ හමුදා හා ෂියා මුස්ලිම්වරුන් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් ඉන්දීය පාලන කාෂ්මීර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට ඇඳිරි නීතිය පනවා ඇතැයි වාර්තා වේ.
මුහර්රාම් ප්‍රදේශයේ පැවැත්වුණු සාම්ප්‍රදායික පෙරහරක් නැවැත්වීමට යෑමේදී හමුදාව සමඟ ඇති වූ ගැටුම් වලින් සාමාන්‍ය වැසියන් 12 දෙනකු ද ආරක්ෂක අංශ වල හයදෙනකු ද තුවාල ලබා ඇත.
රැස්ව සිටි පිරිස වෙත ආරක්ෂක අංශ විසින් වෙඩි ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වී ඇති අතර හමුදා වෙත ගල් මුල් ප්‍රහාර එල්ල වී ඇතැයි පැවසේ.
කිලෝමීටර් පහක් පමණ දිගින් යුත් පෙරහර නගරය හරහා ගමන් කරන අතරතුර මෙම ගැටුම් ආරම්භවුණු බවත් රාත්‍රී කාලය වන තෙක්ම දෙපිරිස අතර ගැටුම් පැවතුණු බවත් සඳහන් වේ.
පාකිස්ථානය කාෂ්මීර කළාපයේ ප්‍රචණ්ඩ ක්‍රියා වලට අනුබල දෙන බැවින් සාමය හා ජීවිත සුරක්ෂිත කිරීම සඳහා අත්‍යාවශ්‍ය සාධාරන සීමාවන් පැනවීමට සිදුවන බව ඉන්දිය ආරක්ෂක බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd