පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ක්ෂණික ගංවතුරකින් ප්‍රංශයේ නිරිතදිග අවුඩේ පළාතේ 13දෙනකු මියගොස් ඇත.
පැය කිහිපයක් ඇතුලත අධික වර්ෂාවක් ඇද හැලුනු බවත් අවුඩේ ගංගාව උතුරා යෑමෙන් මහාමාර්ග අවහිරවී ජනතාව අපහසුතාවයට පත්වූ බවත් බලධාරීහු පවසති. සමහර ස්ථාන වල අඩි 23ක් පමණ උසට වතුර ගලා ඇති බව පැවසේ.
බෝට්ටු වලින් ළඟාවීමට අපහසු ස්ථාන වල නිවෙස් මත රැඳී සිටි පිරිස් ගුවන් මගින් බේරා ගෙන ඇත. අනවසර ඉදිකිරීම් හේතුවෙන් ගංවතුරේ අනතුරුදායක බව වැඩිවූ බව ආපදා අංශ වාර්තා කර ඇත.
(බීබිසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd