
මාධ්‍යවේදී ජමාල් කෂෝජි ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් පස්දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබූ සෞදි අධිකරණය එම තීරණය වෙනස් කර තිබේ.
ඒ අනුව ඔවුන් පස්දෙනා 20 වසරක සිර දඬුවමකට යටත් කර ඇත. පසුගිය දෙසැම්බර් මාසයේදී ඔවුන්ට මෙම මරණ දඬුවම පැනවිණි.
කෙසේ වෙතත් කෂෝජිගේ පුත්‍රයෙකු විසින් තම පවුලේ සාමාජිකයින් ඝාතකයින්ට සමාව දුන් බව පසුගිය මැයි මාසයේදී ප්‍රකාශ කිරීමත් සමඟ මෙම දඬුවම වෙනස් කර ඇත.
තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සවුදි කොන්සල් කාර්යාලයේදී 2018 වසරේදී කෂෝජි ඝාතනයට ලක්වුණි.
කෂෝගි සවුදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ විවේචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය.
එබැවින් කෂොජිගේ ඝාතනය සම්බන්ධයෙන් මොහොමඩ් බින් සල්මාන් කුමරු කෙරෙහි සැකය එල්ල වූ නමුත් ඊට ඔහුගේ මැදිහත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු නොකර නඩු විභාගය අවසන් වුණි.
(එන්එච්කේ ඇසුරෙනි)
-226-
2025 නොවැම්බර් මස 04
713
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෂෝජිගේ ඝාතකයින්ට දුන් මරණ දඬුවම වෙනස් වෙයි