(බී බී සී ඇසුරිණි-085)

ෆේස්බුක්,ට්විටර් සහ වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා 22ක් මාසයක කාලයකට තහනම් කළ බව ඉන්දියානු පාලන ප්‍රදේශයේ පවතින කාශ්මීර බලධාරීහු පවසති.

ඔවුන් පවසන්නේ රජයට විරුද්ධ කණ්ඩායම් විසින් ප්‍රචණ්ඩත්වය වර්ධනය කිරීම සඳහා මෙම සේවාවන් යොදා ගන්නා බවයි.

යූ-ටියුබ්, ස්කයිප්, ටෙලිග්‍රෑම්, ස්නැප්චැට් සහ රෙඩිට් වැනි සන්නිවේදන මෙවලම් ද මේ යටතේ තහනම් කිරීමට නියමිතව ඇත.

ප්‍රචන්ඩකාරී ගැටුම් හේතුවෙන් කාෂ්මීර කලාපයේ පසුගිය දිනවල නව දෙනකු පමණ මිය ගිය අතර ආරක්ෂක අංශ සාමාජිකයෝ ද තුවාල ලැබූහ.

මාධ්‍ය ජාලා වල සංසරණය වන පිළිකුල් සහගත වීඩියෝ දර්ශන මගින් කළහකාරීත්වය වැඩි වන බවට බලධාරීහු චෝදනා කරති.