
ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ, ශ්‍රීනගර් නුවර නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුවිය. පොලිස් ස්ථානය ගබඩාකර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂාකිරීමට යාමේදී මෙම පිපිරීම සිදුවී ඇතැයි පැවැසෙයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස පුපුරාගොස් ඇති බවත්, ඒ හේතුවෙන් 7 දෙනකු මියගොස් තවත් 27 ක් තුවාල ලැබූ බවය. තුවාල ලැබූවන්ගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද පැවැසෙයි.
මියගිය අය අතර පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය කණ්ඩායම් නිලධාරීන් ද සිටින බව ද මාධ්‍ය වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd