IMG-LOGO

කාශ්මීරයේ ගැටුමකින් සෙබළු 4ක් - ත්‍රස්වාදීහු 2ක් මරුට

ජම්මු කාශ්මීරයේ පුල්වාම ප්‍රදේශයේදී අද(18) හමුදාභටයන් සහ ත්‍රස්තවාදීන් අතර වූ වෙඩි තැබීමකින්  මේජර්වරයකු ඇතුළු හමුදා සාමාජිකයන් 4ක් සහ ත්‍රස්වාදීන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.

ඉකුත්  14වනදා පුල්වාමහිදී මෝටර් රථ බෝම්බ ප්‍රහාරය එල්ල වූ ස්ථානයට කිලෝමීටර් 10ක පමණ දුරකදී මෙම ගැටුම ඇති වී තිබේ.

මියගොස් ඇත්තේ 55 වන රාෂ්ට්‍රීය රයිෆල් බලකායට අයත් භටයන් සිව්දෙනෙකි.

ගැටුමෙන් හමුදා භටයන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර සිවිල් වැසියකුද මිය ගොස් ඇතැයි වාර්තා වේ.

මෙම ගැටුමෙන් මෝටර් රථ බෝම්බ ප්‍රහාරය එල්ල කළේ යැයි සැළකෙන ගාසී නම් ත්‍රස්තවාදීවාදියා ද මිය ගොස් ඇති බවට පොලිසිය සැකකරයි. 

‍ජායිෂ් ත්‍රස්තවාදීන් තිදෙනෙකු පිංලාන්හි සැඟව ඇති බවට හමුදාව ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම ඊයේ(17) මධ්‍යම රාත්‍රියේදී ආරම්භ කෙරිණි.

එම ප්‍රදේශයේ තවදුරටත් ත්‍රස්වාදීන් කිහිපදෙනෙකු සැඟව සිටින බවත් උදෑසන 9ට පමණ නැවත මෙහෙයුම ආරම්භ කළ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම මෙහෙයුම සදහා 55වන රාෂ්ට්‍රීය බලකාය,  සී ආර් පී එෆ්හි බලකායන් දෙකක්ද, ජම්මු කාශ්මීරයේ පොලිසිය ද එක්ව සිටියහ.

 

(එන් ඩී ටී වී ඇසුරිනි)

16844



අදහස් (0)

කාශ්මීරයේ ගැටුමකින් සෙබළු 4ක් - ත්‍රස්වාදීහු 2ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1495 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 541 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 610 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site