ඉන්දියාවට අයත් කාශ්මීර ප්‍රදේශයේදී එරට හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය හමුදා සාමාජිකයන් වෙනුවෙන් එරට විද්‍යාඥයකු ඉන්දීය රුපියල් කෝටි 110ක් ප්‍රදානය කර තිබේ.
පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එල්ල කරන ලද එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40ක් ජීවිතක්ෂයට පත්වූහ.
ඉන්දියාවේ මුම්බායි හී ජීවත්වන මුර්තාසා ඒ. හමීඞ් නැමැත්තෙකු එලෙස මුදල් ප්‍රදානය කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ‘ජාතික සහන අරමුදලට’ එම මුදල් ප්‍රදානය කර තිබේ.
තමන් මුදල් ප්‍රදානය කරන්නේ කාශ්මීරයේ පුල්වාමා ප්‍රහාරයෙන් මියගිය හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සුබ සාධනය උදෙසා යැයි හමීඞ් ඊමේල් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර තිබෙන අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට ද අවස්ථාවක් ඉල්ලා ඇත.
මුර්තාසා ඒ. හමීඞ් උපතේ සිට ඇස් නොපෙනන අතර ඔහු මේ වනවිට 41 වැනි වියේ පසුවෙයි. හමීඞ් කෝඨා හි රජයේ වාණිජ විශ්ව විද්‍යාලයෙන් සිය උපාධිය සම්පූර්ණ කළ අතර මේ වනවිට මුම්බායි කේන්ද්‍ර කරගනිමින් පර්යේෂකයකු හා විද්‍යාඥයකු ලෙස කටයුතු කරයි.
ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd