IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කාශ්මීර ප්‍රහාරයට පාකිස්තාන ජාතිකයන් 7ක් ඇතුළු 19කට චෝදනා

ඉන්දීය පාලනයේ තිබෙන කාශ්මීර ප්‍රදේශයේදී ආරක්ෂක රථ පෙළකට පසුගිය වසරේදී එල්ල වූ මාරාන්තික බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තාන ජාතිකයන් ඇතුළු 19 දෙනකුට චෝදනා එල්ල වී තිබේ.

ඉන්දියාවේ ජාතික විමර්ශන ආයතනය මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අතර ඉන් අනතුරුව මෙලෙස චෝදනා ගොනු කර තිබේ.
 
පසුගිය වසරේ පෙබරවාරි 14 වැනිදා එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඉන්දීය පොලිසියේ ආරක්ෂක භටයෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙම ප්‍රහාරය මුල් කරගනිමින් න්‍යෂ්ටික බලවතුන් මෙන්ම අසල්වැසියන් ද වන ඉන්දියව සහ පාකිස්තානය අතර දැවැන්ත අර්බුදයක් ද නිර්මාණය වූ අතර රටවල් දෙක ගුවනින් එකිනෙකාට ප්‍රහාර ද එල්ල කර ගත්තේ ය.
 
පාකිස්තානය තුළ ක්‍රියාත්මක ජායිෂ්-ඊ-මොහොමද් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි.
 
චෝදනා එල්ල වී තිබෙන පාකිස්තාන ජාතිකයන් හත්දෙනාගෙන් සිවුදෙනකු තවමත් අල්ලාගෙන නැතැයි ද ඉතිරි තිදෙනා ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුම්වලදී මරුමුවට පත්ව ඇතැයි ද ඉන්දියාවේ ජාතික විමර්ශන ඒකකය සඳහන් කළේය.

පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කණ්ඩායම් මෙම චෝදනා පත්‍රයෙන් සවිස්තර වාර්තාවක් ද ඉදිරිපත් කර තිබෙන අතර එම කණ්ඩායම් කාශ්මීරය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමටත් කාශ්මීරයේ සිටින තරුණ ප්‍රජාව ප්‍රකෝප කිරීමටත් උත්සාහ කරන බව ද පෙන්වා දී තිබේ.

චෝදනා එල්ල වී ඇති අනෙක් 12 දෙනා ඉන්දීය කාශ්මීරයේ ජීවත් වන අය වෙති. ඇතැම් අය ගැටුම් අතරවාරයේදී මියගොස් ඇති අතර ඇතැම් අය අත්අඩංගුවට ගෙන ඇත. ඉතිරි අය අතුරුදන්ව ඇතැයි ද ඉන්දියාවේ ජාතික විමර්ශන ආයතනය සඳහන් කරයි.

චෝදනා එල්ල වී ඇති එක් අයකු අවුරුදු 20 තරුණයෙකි. ඔහු කාශ්මීරයේ අගනුවර වන ශ්‍රීනගර්හි ජීවත් වන්නෙකි. හෙතෙම ඇමර්සන් වෙබ් අඩවිය හරහා ඇළුමීනියම් පවුඩර් කිලෝග්‍රෑම් 4ක් ඇණවුම් කර තිබේ. ඒවා ප්‍රහාරයට යොදාගත් පුපුරණ ද්‍රව්‍ය සඳහා භාවිත කර ඇතැයි ද ඉන්දියාවේ ජාතික විමර්ශන ආයතනය සඳහන් කරයි.

කාශ්මීරයේ බහුතරය මුස්ලිම් ජාතිකයෝ ය. පාකිස්තානය සටන්කාමීන්ට සහයෝගය දක්වන බවත් කාශ්මීරය තුළ කැරැලි ගැසීම් සඳහා අවස්ථාව සලසන බවටත් ඉන්දියාව දීර්ඝ කාලයක සිට චෝදනා කරයි. හිමාලයානු කලාපයේ පිහිටි කාශ්මීරයට ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකම හිමිකම් කියයි. කෙසේ නමුත් ඉන්දියාව කාශ්මීරයේ එක් කොටසක් ද පාකිස්තානය එහි තවත් කොටසක් ද පාලනය කරයි. ඉන්දියාව සහ පාකිස්තානය අවස්ථා තුනකදී යුද වැදී ඇති අතර ඉන් දෙකක්ම සිදුව ඇත්තේ කාශ්මීරය මුල් කරගනිමිනි.

 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජාතිකවාදී ආණ්ඩුව පසුගිය වසරේ අගෝස්තු මාසයේදී කාශ්මීරය පාලනය තවදුරටත් සියතට ගැනීම සඳහා පියවර ගත්තේ ය. ඒ අනුව ඉන්දීය පාලනය යටතේ තිබෙන කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ බලතල ඉවත් කිරීමට ඉන්දීය ආණ්ඩුව පියවර ගත්තේ ය.
 
කාශ්මීරය යනු ලොව වඩාත් සන්නද්ධම කලාපවලින් එකකි. දශක හතක් මුළුල්ලේ එහි ගැටුම් පවතී. ඉන්දීය ආණ්ඩුව ගත් පියවරට කාශ්මීරයේ නායකයන්ගෙන් ද දැඩි විරෝධයක් එල්ල වූ අතර ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය සිය ප්‍රාන්තයේ ජනාතවට එරෙහිව ගත් තීරණයක් යැයිද ඔවුහු චෝදනා එල්ල කළහ.
 
රොයිටර්
 (055)



අදහස් (0)

කාශ්මීර ප්‍රහාරයට පාකිස්තාන ජාතිකයන් 7ක් ඇතුළු 19කට චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site