පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මියගිය ගණන මේ වනවිට 300 ඉක්මවා ඇත. මහ වැසි ඇද හැලෙන්නේ මෝසම් වැසි සමය උදා වීමත් සමඟය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට මියගිය ගණන 307 දක්වා ඉහළ ගොස් ඇති බවය. වැඩිම මරණ වාර්තා වන්නේ වයඹදිග පාකිස්තානයේ කඳුකර කයිබර් පක්තුන්ක්වා පළාතෙනි.

ආපදාවට ලක්වූ පිරිස ගලවා ගැනීමේ මෙහෙයුමක් අතරතුර ඒ සඳහා යොදාගත් හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ද වාර්තා වේ.

පාකිස්තාන රජයේ කාලගුණික වාර්තාවන් පෙන්වා දී ඇත්තේ එළැඹෙන අගොස්තු 21 වැනි දින දක්වා රටේ වයඹ දෙසින් තද වැසි අපෙක්ෂා කළ හැකි බවය. පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එරට ප්‍රදේශ කිහිපයක් ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමටද පියවර රජය පියවර ගෙන ඇතැයි ද පැවැසෙයි.