IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කාශ්මීර ගුරුවරුන්ට සිසුන්ට එන්නත දෙයි

අධ්‍යාපන ආයතන නැවත විවෘත කිරීමට පෙර අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩලවලට සහ සිසු සිසුවියන්ට සම්පූර්ණයෙන්ම එන්නත් ලබා දී අවසන් කරන්නැයි කාශ්මීරයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය සිකුරාදා නියෝග කළේය.

මේ අනුව කාශ්මීරයේ ගුරුවරුන්ට, සිසු සිසුවියන්ට සහ අනධ්‍යයන කාර්යමණ්ඩලවලට කොවිඩ්-19 වයිරසයට එරෙහිව සම්පූර්ණයෙන් එන්නත් කර අවසන් කිරීමට සැලැසුම් කර ඇත.

වයිරස ආසාදිතයන් වැඩි වීමත් වසංගතයේ ව්‍යාප්තියත් පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

ඉන්දීය පාලනය යටතේ තිබෙන කාශ්මීරයේ පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට පෙර අධ්‍යයන, අනධයයන සහ සිසු සිසුවියන්ට සම්පූර්ණයෙන්ම එන්නත් ලබා දී අවසන් කිරීමත් වයිරස ආසාදිත පොකුරු හෝ රැල්ලක් නිර්මාණය වීම වැළැක්වීමත් ඉතා වැදගත් යැයි කාශ්මීරයේ, ජම්මු හා කාශ්මීරයේ උසස් අධ්‍යාපනය සහ පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් නිකුත් කළ ලිපියක දැක්වේ.

මේ අතර ඉන්දීය පාලනය යටතේ තිබෙන ජම්මු හා කාශ්මීරයෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 331 දෙනකු වාර්තා වූ ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන හයකි. එදින සුවය ලබා නිවෙස්වලට පිටව ගොස් ඇති ගණන 437කි.

ජම්මු හා කාශ්මීරයේ මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 4,209කි.

ජම්මු හා කාශ්මීරයේදී (ඒ.එන්.අයි.)



අදහස් (0)

කාශ්මීර ගුරුවරුන්ට සිසුන්ට එන්නත දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site