කාශ්මීර දේශ සීමාවේ හිමාලයන් පෙදෙසේදී ඇතිවූ ගැටුම්වලින් තිදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඉන්දියාව එම පෙදෙසට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇතැයි කියති. අද පෙරවරුවේ නක්යාල් කොටසේ ෂෙල් වෙඩි ප්‍රහාර පැවතුණු බවද පාකිස්තාන බලධාරීහු කියති.
ජූලි මාසයේදී ඉන්දියාවේ ආරක්ෂක අංශ විසින් කාශ්මීරයේ තරුණයකු ඝාතනය කිරීමත් සමග දෙරට අතර ගැටුම් උග්‍ර විය.
පකිස්තානයට අයත් කාශ්මීර දේශ සීමා කොටසේ නීලම් නිම්නයට වෙඩි ප්‍රහාරයක් එල්ලවූ බවද දන්ජාර් ගම්මානය අසල තිබූ වාහනයකට වෙඩි වැදී ඇති බවද පාකිස්තානය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd