මාධ්‍යවේදී ජමාල් කශෝක්ජි ඝාතනය කිරිම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය මැදිහත් වී ජාත්‍යන්තර පරික්ෂණයක් ඉල්ලා තිබේ.
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු වන ඇග්නස් කැලමාර්ඩ් මහත්මිය ඇතුළු කණ්ඩායමක් විසින් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවති.
සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇය සෞදි රජයේ ඉල්ලීමක් කර ඇත. මේ සම්බන්ධයෙන් සෞදි රජයෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වෙයි.
ඉකුත් ඔක්තෝබර් 2 වැනිදා කශෝක්ජි විවාහ සහතික සකසා ගැනීමට සෞදි කොන්සල් කාර්යාලය තුළට ගිය අවස්ථාවේදී දරුණු ලෙස ඝාතනය කර තිබුණු අතර ඔහුගේ සිරුර කිසිවෙකුට සොයා ගැනීමට නොහැකිවිය.
අල්ජසීරා ඇසුරෙනි
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd