කියනා දෙය නාහා ගසක් උඩ නැගගෙන සිටි චීටා පැටවෙකුට දිවි මවගේ උදහසට ලක්වීමට සිදුවිය.
පහළට බසින ලෙස ඇය ගෙරවුම් කරමින් ඉල්ලා සිටියද පැටවා එ කිසිත් ගණනකට නොගත්තේය.
ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තැන ඇය මීටර 3 ක් පමණ ඉහළට පැන තම පැටවාට පහරක් එල්ල කළාය.සමබරතාවය ගිලිහුණු දිවි පැටවා දැන් ඉදිරි පා දෙකෙන් ගසේ එල්ලීගෙනය.
ඇය තවත් වරක් ඉහළට පැන පහරක් එල්ල කළාය.පැටවා බිමට ඇද වැටුණි.
බිමට වැටුණු පසු ඇය නැවත වරක් ගොරවමින් අවවාද කළාය.එවර නම් පැටවා තම මවට ඇහුම්කන් දෙන බවක් පෙනුණි.
දකුණු අප්‍රිකාවේ සාබි සෑන්ඩ්ස් වනෝද්‍යානයේ දැකගත හැකිවූ මේ අපූරු දසුන ඡායාරූප ගත කරන්නට වන නිළධාරී ඩැනියෙල් ෂින්ච්හැම් කටයුතු කළේය.
මේ මවට තවත් පැටවෙක් සිටින බවත් පැටවුන් දෙදෙනාගේ මෙවන් නාඩගම් මේ දිනවල වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයින්ගේ ඉහළම ආකර්ෂණයක් දිනාගෙන තිබෙන බවත් ඔහු පවසන්නේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ විදියටම අපේ රටේ දේශපාලකයන්ටත් දෙන්න තියෙන්නේ, නැවත හොරකම් නොකරන්න (නි)
අම්මට තියෙන්නේ කෝට්ටක් කඩලා හොදට තලන්න පොඩි එකාට. කියන දේ අහන්නේ නැත්නම් (නදී)
අම්මලාට ඕනෑ ළමයි වහල්ලු වගේ ඉන්න වෙන්න ඇති (නි)
ඔක්කොටම වැඩිය ලස්සන අනිත් පැටියා බිමට වෙලා බලාගෙන ඉන්න හැටි. (නි)
වටිනා ෆොටෝ ටිකක්. සොබා දහමට ආදරය කරන මිනිස්සුන්ට තවත් ආදරේ කරන්න හිතෙන දෙයක් (නදී)
සත්ත්ව ලෝකයේ කොයිතරම් අපුරු දේවල් සිද්ධ වෙනවද?මේ කතාව ලියා තිබෙන විදිය හරිම ලස්සනයි. (නි)
මේ වගේ පින්තූර ටිකක් බලන්න ලැබෙන එකත් දුර්ලබයි.(හේ)
මේ මොන චිටෙක්ද මේ දිවියෙක්නේ (නදී)
හරිම ලස්සනයි. ස්තුතියි ලංකාදීප (නදී)
මට පෙනෙන්නේ මේ කොටි අම්මා හැමවෙලේම දරුවාට ගහනවද කොහෙද? අපිත් ඉතින් ඉදිරියේදී .......... හිතලා බලන්න ඕනෑ පොඩ්ඩක් (නි)
මේකා චීට නෙවේ දිවියෙක්.(හේ)
මේ දිවියෙක් නෙමෙයිද ? (නදී)
බහින්න බැරුව හිටියද දන්නේ නැහැ (නදී)
නාමල් හරි ගුණසේකර හරි සත්තු ගැන දැනගන්නකෝ කලින්. මේ සත්තු චිටල නොවේ දිවියන් දෙදෙනෙක් මොනවද අනේ ඔයා. (නදී)
හොඳ වැඩේ දෙන්න ඕනේ පස්ස රත් වෙන්න. (බ)
තිරිසනා උනත් දන්නවා වරදට දඩුවම් කලාම ඌව හදාගන්න පුළුවන් කියලා. එත් කරුමෙක මහත මිනිසුන්ට මෙය නොතේරෙන එකයි. ස්වභාවධර්මය කොතරම් ලස්සන දේ කියා දෙනවද ? (නදී)
පොඩි කාලෙදිම හදා ගත්තේ නැත්තං ලොකු වුනාම සමාජෙට කරදරයක් වෙනවා, වර්තමානයේ සමහර දේශපාලකයින්ගේ නරුම පුතාලා වගේ (බ)
හොඳ වැඩේ කියන දේ අහන්නේ නැතුවට. ස්තුතියි ලංකාදීප. (නදී)
කියන දේ අහන්නේ නැති ළමයින්ට පස්ස පැත්තට දෙකක් දෙන්න ඕනේ (නදී)