පාලකයින්ගේ උපදෙස් නොතකා අපි‍්‍රකාවේ සිංහයින් සදහා වෙන්කර තිබෙන සත්ත්වෝද්‍යානයක තමන් සිටි මෝටර් රථයේ වීදුරු විවෘතකරගෙන සිටි ඇමරිකා ජාතික තරුණියක සිංහයෙකුගේ ප‍්‍රහාරයට හසුව මරණයට පත්ව තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ මෝටර් රථයේ සිට අවට ඡායාරූප ගනිමින් සිටි ඇය දෙසට ළංවූ සිංහ ධේනුවක එක්වනම කඩාපැන විවෘත කර තිබුණු වීදුරුවෙන් ඇයව ඉවතට ඇදගත් බවයි.
කෑගසා සිංහ ධේනුව පළවා හැරියද ඒ වන විටත් එම තරුණිය මියගොස් සිටි බව ඔවුන් කියයි.
සත්ත්වෝද්‍යානයේ පාලකයින් පවසන්නේ සෑම විටම මෝටර් රථ වල වීදුරු වසාගෙන සිටින ලෙස තමන් සංචාරකයින්ට අවවාද කරන බවයි.මේ අවාසනාවන්ත සිදුවීමට හේතුව එම උපදෙස් නොසළකා හැරීම යැයි ඔවුන් පවසයි.
කෙසේ වුවත් සිංහයින් සඳහාම වෙන්ව තිබෙන මෙම එළිමහන් සත්ත්වෝද්‍යානයේ ආරක්ෂාව ගැන ගැටළු මතුව තිබෙන්නේ වරක් දෙවරක් පමණක් නොවේ. සිංහයින් 85 දෙනකු පමණ නිදැල්ලේ සැරිසැරියද සත්ත්වෝද්‍යාන භූමියේ සිට සාද පැවැත්වීමටත්,කූඩාරම් ඉදිකිරීමටත් අවසරදී තිබීමෙන්ම සත්ත්වෝද්‍යානයේ පාලකයින් සංචාරකයින්ගේ ආරක්ෂාව කෙරෙහි කෙතරම් අඩු සැළකිල්ලක් දක්වන්නේදැයි හොදින්ම පැහැදිලිවන බව පරිසරවේදීහු කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බළල් පවුලේ සත්තු මිලේච්ච්යි.සිංහයා,කොටියා ලංකාවේ නැති එක හොදයි.කකුල් දෙකේ මනුස්සයොත් මිලේච්ඡයන්ට සමාන කර ගැනීමත් ලෙඩක් (බ)
අනෙක් අයගේ අදහස් පහත්කොට සලකන ගතිය ඇමෙරිකානුවන් ළග තිබෙනවා. (නදී)
සෙනරත් : මේක ඇමරිකාවේ ප්‍රශ්නයක් නොවේ. කියන දේ නාහපු අවස්ථාවක්. පොඩ්ඩක් ගිහින බලන්න දෙහිවල සතුන්වත්තේ සතුන්ට කෑම දෙන්න එපා කියල බෝර්ඩ් ගහල තියෙන හැමතැනම වගේ අපේ කට්ටිය සතුන්ට කෑම දෙන හැටි. (බ)
මමත් ඉන්නේ දකුණු අප්‍රිකාවේ. මම මේ වගේ සිංහයන් නරඹන්න ගිහින් තියනවා ඩර්බන් කිට්ටුව.ජනෙල් වහගෙන යන්න ඕනෑ. ඒක අනිවාර්යෙන්ම කරන්න කියලා ප්‍රථම උපදෙස හැටියට දෙනවා.අපරාදේ ජිවිතයක් නැතිවුණා නොසැළකිල්ල නිසා (නි)