‘කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවන් උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට සෞඛ්‍ය අංශ පැනැවූ සීමා ඉවත් කිරීමට උතුරු කොරියානු රජය තීරණය කර තිබේ.
උතුරු කොරියානු රජය මෙසේ තීරණය කළේ යොංග්යැංග් අගනුවර පමණක් නොව රට පුරා ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වී ඇති බැවිනි. කෙසේ නමුත් පැනැවූ සීමා ඉවත් කිරීම සිදුවී ඇත්තේ අගනුවර ආශ්‍රිතව පමණක් යැයි උතුරු කොරියාවෙන් ලැබෙන පුවත් උපුටා දක්වමින් දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
චීනයෙන් ආරම්භ වුණු ‘කොවිඩ් 19’ වසංගතය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී, උතුරු කොරියාව ඔවුන්ගේ දේශසීමා වසා දැමීය. උතුරු කොරියාව චීනයට, දකුණු කොරියාවට සහ රුසියාවට මායිම් වෙයි.
න්‍යෂ්ටික අවි වැඩසටහන හේතුවෙන් බටහිර සම්බාධක මැද හුදෙකලා වූ උතුරු කොරියාව, දේශසීමා වසා දැමීමත් සමදේශසීමා වසා දැමීමත් සමඟ තවත් ලොවෙන් හුදෙකලා විය. කෙසේ නමුත් පසුගිය අප්‍රේල් මාසය වනතුරු උතුරු කොරියාවෙන් කිසිදු ආසාදිතයකු වාර්තා වූයේ නැත. අප්‍රේල් මාසයේ උතුරු කොරියාව පුරා උණ රෝගයක් ව්‍යාප්ත විය. එම උණ රෝගය ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ බව පසුව තහවුරු විය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට එරටින් වාර්තා වන සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණණ 3,549,590 කි. සමස්ත මරණ සංඛ්‍යාව 70 කි. වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 3,360,990 කි.
(ඒ.එෆ්.පී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘කොවිඩ්’ සීමා ලිහිල් කෙරේ