IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කොවිඩ් මරණ වෙනුවෙන් පාරිතෝෂික දීමනාවක්

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට ඉන්දීය රුපියල් 50,000ක පාරිතෝෂික දීමනාවක්/සහනයක් ලබාදීමේ ප්‍රතිපත්තියට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය හිමි වී තිබේ.

“මියගිය පුද්ගලයාට ළඟින්ම නෑකම්/ඥාතීත්වය කියන පුද්ගලයාට ඉන්දීය රුපියල් 50,000 ලබාදිය යුතු යුතු යි. ඒ වගේම එම මුදල වෙනත් ක්‍රමවේද යටතේ මධ්‍යම ආණ්ඩුව හෝ ප්‍රාන්ත ආණ්ඩු ලබාදෙන මුදල්වලට වඩා වැඩි විය යුතු” යැයි මීට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එම්.ආර්.ෂාහ් සහ ඒ.එස්. බෝපන්නා යන විනිසුරුවරු ප්‍රකාශ කළහ.

අදාළ අයඳුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් දින 30ක පසු එය හිමි පුද්ගලයාට එම මුදල ලබාදිය යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

එමෙන්ම මෙම මුදල ලැබෙන්නේ මියගිය දින සිට දින 30ක් ආපස්සට කාලය තුළ සායනික ස්ථානයකින් හෝ රෝගීන් පරීක්ෂා කරන ස්ථානයකින් කොවිඩ්-19 පරීක්ෂාවක් කරගෙන ‘කොවිඩ්-19’ ආසාදනය වූ පුද්ගලයන්ට බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනුම් දී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

නොවිසිඳුණු කොවිඩ්-19 මරණ ආශ්‍රිත සිදුවීම්වලදී ද නිවසේදී හෝ රෝහලේදී මියගිය පුද්ගලයා කොවිඩ්-19 වයිරසය ආසාදනය වීමෙන් මියගිය බවට තහවුරු වුවහොත් පවුලේ ඥාතීන් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්වුවහොත් සහ සෞඛ්‍ය බලධාරීන් ඒ බව තහවුරු කළහොත් එවැනි මරණවලට සහන මුදල් හිමි වන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.

මේ නිසා මරණ සහතිකයේ මරණය ‘කොවිඩ්-19’ නිසා සිදු වූවක් යැයි සඳහන් නොවන බව පවසමින් වන්දි ගෙවීම පැහැර හැරීමට කිසිදු ප්‍රාන්තයකට හැකියාවක් නොමැති බව ද අධිකරණය දන්වා ඇත.

යම් පුද්ගලයකුගේ මරණයෙන් පසු, එම මරණයට අදාළව නිකුත් කරන මරණ සහතිකය සම්බන්ධයෙන් මරණයට පත් පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් සෑහීමකට පත් නොවන්නේ නම් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දුක් ගැනවිලි විමසීමේ කමිටුවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාව ඇත. ප්‍රාන්ත රජයන් විසින් අදාළ කමිටු ස්ථාපිත කළ යුතු වේ.

මේ අනුව අදාළ කමිටු මියගිය පුද්ගලයාගේ වෛද්‍ය වාර්තා යනාදිය පරීක්ෂා කළ බව දිනක් 30ක් ඇතුළත අදාළ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් වන්දි හිමිවිය යුතු ද නැද්ද තීරණය කළ යුතු ය. මේ සඳහා රෝහල් වාර්තා ද පරීක්ෂා කළ යුතු යැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

එමෙන්ම මෙම ප්‍රතිලාභ ලබන්නන්ගේ නම් මුද්‍රිත මාධ්‍යයේ පළ කළ යුතු යැයි ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්’



අදහස් (0)

කොවිඩ් මරණ වෙනුවෙන් පාරිතෝෂික දීමනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site