
මිලියන 26 කට වැඩි පිරිසක් වාසය කරන, චීනයේ ව්‍යාපාර කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ෂැංග්හායි නුවර අදියර දෙකකින් ලොක්ඩවුන් කිරීමට චීන රජය තීරණය කර තිබේ.
නගරය ලොක්ඩවුන් කෙරෙන්නේ නගරයෙන් පිටවන පාලම් සහ උමං දුම්රිය මාර්ග ආදිය ද සම්පූර්ණයෙන් වසා දමමිනි. ගතවුණු පැය 24 ඇතුළත ෂැංග්හායි නුවරින් පමණක් නව ආසාදිතයන් 3,450 ක් වාර්තා වූ බව ද පැවැසෙයි.
චීන සෞඛ්‍ය බලධාරීන් සෙසු චීන නගර මෙන්ම, ෂැංග්හායි නුවර මුළුමනින්ම ලොක්ඩවුන් කරමින්, නගරයේ සෑම කෙනකුම ‘කොවිඞ් 19’ ආසාදිතයකු ද නැද්ද යන්න සෙවීමට පරීක්ෂණ සිදු කරනු ඇතැයි චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd