IMG-LOGO

‘කොවිඩ්’ ආසාදනය වී ලතා මංගේෂ්කාර් රෝහලේ

ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් මහත්මිය ‘කොවිඩ් 19’ ආසදනය මුම්බායි රෝහලක සැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

92 හැවිරිදි ලතා මංගේෂ්කාර් මහත්මිය ඇතුළත් කෙරුණේ මුම්බායි නුවර ‘බ්‍රිච් කැන්ඩි’ රෝහලටය. ඒ, ‘කොවිඩ් 19’ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු ඇය ආසාදිතයකු බව තහවුරු වීමෙනි.

ලතා මංගේෂ්කාර් මහත්මියට ඇත්තේ සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පමණක් බවත්, වෛද්‍යවරුන් ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත්තේ ඇගේ වයස කෙරෙහි අවධානය යොමු කරමින් බවත් මංගේෂ්කාර් මහත්මියගේ ඥාති දියණිය රචානා ෂා මාධ්‍ය හමුවේ තහවුරු කර ඇත.

ලතා මංගේෂ්කාර් මහත්මිය වඩාත් ප්‍රකට චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙසිනි. ඉන්දියාවේ ප්‍රාන්ත භාෂා 31 කින් සහ විදෙස් භාෂාවන්ගෙන් ද ගීත 30,000කට ආසන්න සංඛ්‍යාවක් ගායනා කර තිබේ. ලතා මංගේෂ්කාර් මහත්මිය සිංහල භාෂාවෙන්ද ගීතයක් ගායනා කර තිබේ. ඒ, ‘සැඩ සුළං’ චිත්‍රපටය සඳහාය.

2001 වසරේදී ඇයට ඉන්දීය රජය විසින් භාරත රත්න සම්මානය පිරිනමන ලදී. ඉන්දියාවේ තෙවැනියට උසස්ම සම්මානය වන පද්ම භූෂණ සම්මානයෙන් 1969දී ඇය පිදුම් ලබා ඇත. ෆිල්ම්ෆෙයාර් ඇතුළු විවිධ දේශීය සහ විදේශීය සම්මාන උලෙළවලදී ඇයට 40කට අධික සම්මාන ප්‍රමාණයක් ලැබී ඇත.

ඉන්දියාවේ, ශිවාජී විශ්වවිද්‍යාලය, කොල්හපූර් විශ්වවිද්‍යාලය, පූනෙයි විශ්වවිද්‍යාලය, හයිද්‍රබාද් විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවලින් ලතා මංගේෂ්කාර් මහත්මියට සංගීතය පිළිබඳ ආචාර්ය උපාධිය පිරිනමා තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (5)

‘කොවිඩ්’ ආසාදනය වී ලතා මංගේෂ්කාර් රෝහලේ

දාස Tuesday, 11 January 2022 04:00 PM

කෝටි ගණන් රසිකයින් වශීකළ හඬ රැගත් මෙතුමියව ඉක්මනින්ම සුවපත් වේවා...!!!

:       0       5

L laksiri perera Tuesday, 11 January 2022 09:44 PM

ආයුබෝවන් ඔබට හොඳ වෙන්න අපි ආශිර්වාද කරනවා.

:       0       6

p.d goonawardena Wednesday, 12 January 2022 08:53 AM

ඉක්මන් සුවය ලැබේවා.....

:       0       7

SREENIMAL . n,w.p. Wednesday, 12 January 2022 11:56 AM

ඔබ තුමියට දෙර්ඝායු වේවා.!

:       0       4

Bunny Preena Thursday, 13 January 2022 09:14 AM

ගීත කෝකිලාවිය ඔබට ඉක්මන් සුවය

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 260 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 440 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 785 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site