IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


’කොවිඩ් 19’ සුලමුල පිළිබඳ බුද්ධි වාර්තාව බයිඩන් අතට

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් ඇමෙරිකන් බුද්ධි අංශ සකස් කළ වාර්තාව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතට ලැබී ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

'කොවිඩ් 19' ආරම්භය සම්බන්ධයෙන් චීනයෙන් ලබා ගත් දත්ත සහ විස්තර ප්‍රමාණවත් නොවන බැවින්, වයිරසයේ ආරම්භය නිවැරදිව හඳුනා ගැනීමට ඇමෙරිකන් බුද්ධි අංශ අපොහොසත් බව වාර්තාවේ සඳහන් වන බව ධවල මන්දිරය මාධ්‍ය හමුවේ නිකුත් කළ නිවේදකයක දැක්වෙයි.

'කොවිඩ් 19' වයිරසයේ ආරම්භව සිදුවූයේ 2019 දෙසැම්බරයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. 2020 වසර වෙද්දී එය ලොව පුරා ව්‍යාප්ත විය. වයිරසය චීනයේ වූහාන් පිහිටි වයිරස රසායනාගාරයෙන් කාන්දු වූවක් බවත්, එය චීන හමුදා විද්‍යාඥයන් විසින් නිර්මාණය කරනු ලැබූවක් යැයි ඇමෙරිකන් බුද්ධි අංශ පමණක් නොව, ඕස්ට්‍රේලියානු බුද්ධි අංශ පවා එම අවස්ථාවේදී චීනයට චෝදනා නගන්න විය.

එවකට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ජනපති ට්‍රම්ප් දිගින් දිගටම 'කොවිඩ් 19' වයිරසය හඳුන්වා දෙන්න වූයේ ද 'චීන වයිරසය' යනුවෙනි. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු බයිඩන් ඇමෙරිකන් බුද්ධි අංශ වෙත දින 90 ක කාලයක් ලබා දී තිබුණේ 'කොවිඩ් 19' වයිරසයේ මූලාරම්භය ගැන තමන්ට සම්පූර්ණ වාර්තාවක් අවශ්‍ය බවටය.

'කොවිඩ් 19' වයිරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වී, විශේෂ විමර්ශන කණ්ඩායමක් වූහාන් වෙත යවා විමර්ශනයක් කෙරුණි. ඒ, මෙම වසර ආරම්භයේදීය. එම විමර්ශනය අවසන් වූයේ ද වයිරසයේ මූලාරම්භය නිවැරදිව පැවැසිය නොහැකි බවත්, චීන සෞඛ්‍ය අංශ මුල්ම වයිරස ආසාදිතයයන්ගේ දත්ත තමන්ට ලබා නොදුන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙමිනි.

මේ අතරතුරේ චීනය ද ඇමෙරිකාවට චෝදනා කර තිබෙන්නේ, 'කොවිඩ් 19' වයිරසය පළමුවෙන්ම ආරම්භ වූයේ 2019 ජූලි මාසයේ ඇමෙරිකා හමුදා කඳවුරකින් බවය. චීනය පවසන ආකාරයට, වයිරසය සමාජගත වී ඇත්තේ ඇමෙරිකාවේ 'ෆෝට් ඩෙට්ට්‍රික්' නමැති හමුදා කඳවුරෙනි. මෙම කඳවුරේ වයිරස ගබඩා කර ඇති අතර ඒවා විවිධ රසායනික අවි සඳහා යොදා ගන්නා බව පැවැසෙයි.

කඳවුරේ සිටි නිලධාරීන්, විද්‍යාඥයන් පමණක් නොව, කඳවුර අවට පදිංචි බොහෝ දෙනකු ද රෝගී වූ බවත් ඔවුන් සියලු දෙනාගෙන් පෙන්නුම් කළේ 'කොවිඩ් 19' රෝග ලක්ෂණ සහ 'කොවිඩ් 19' නියුමෝනියා තත්ත්වය බවත් චීනය චෝදනා කර ඇත. චීනය එල්ල කරන මෙම චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකා හමුදාව කිසිවක් පවසා නැත.

(රොයිටර්)

 



අදහස් (2)

’කොවිඩ් 19’ සුලමුල පිළිබඳ බුද්ධි වාර්තාව බයිඩන් අතට

Nalin Thursday, 26 August 2021 03:48 PM

ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය යන දෙකම එන්නත් අලෙවි කරන අතර විශාල මුදලක් ලබා ගනී ...

:       1       3

Raveendra Friday, 27 August 2021 10:16 AM

දැන් බලනකොට බයිඩන් ආත බූත නැතිව එහෙ මෙහෙ අතගානවා වගේ... අනේ අම්මපා තමන් වගාකළ දෙය තමන් නෙලා ගන්නවා යන වටිනා කියමන බයිඩන් ට පැහැදිලි කරලා දෙන්න කෙනෙක් නැති හැටි...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site