IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘කොවිඩ්-19’ සීමා තවත් සතියකින් දීර්ඝ කෙරේ

නවසීලන්තය සිය විශාලතම නගරය වන ඕක්ලන්ඩ්වලට පනවා තිබෙන ‘කොවිඩ්-19’ සීමා තවත් සතියකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

ඕක්ලන්ඩ් නුවරට පනවා තිබෙන සීමා තවත් සතියකින් දීර්ඝ කරන බවත් ඉන් අනතුරුව අදාළ සීමා ටිකෙන් ටික ලිහිල් කරන බවත් නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කළා ය.

නවසීලන්තය තුළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වන අතර ඉකුත් දින කිහිපයේදීත් අදත් වාර්ත ගත අයුරින් වයිරස ආසාදිතයෝ වාර්තා වූහ.

කෙසේ නමුත් නොවැම්බර් 10 වැනිදා වනවිට සීමා ලිහිල් කිරීමට නවසීලන්තය තීරණය කර තිබේ.

ඒ අනුව නොවැම්බර් 10 වැනිදා වනවිට සිල්ලර බඩු සාප්පු, පුස්තකාල, කෞතුකාගාර යනාදිය විවෘත කිරීමට පියවර ගන්නා බව ද අද පැවැති මාධ්‍ය හමුවේදී නවසීලන්ත අගමැතිනිය කීවා ය.

එන්නත්කරණය වේගයෙන් සිදු වන බැවින් ඕක්ලන්ඩ් නුවරට පනවා තිබෙන සීමා සතියකින් ඉවත් කළ හැකි බව අග්‍රාමාත්‍යවරිය පැවැසුවා ය.

නගරයේ එළිමහනේ එක්රැස් විය හැකි උපරිම ගණන මේ වනවිට 25ක් දක්වා සීමා කර ඇත.

කොවිඩ්-19 පාලනය කිරීම සම්බන්ධයෙන් නවසීලන්තය ඉකුත් වසරේ දී ගෝලීයව මහත් ප්‍රශංසාවය ලක්විය.

කෙසේ නමුත් මෑතකදී තත්ත්වය නරක අතට හැරුණු අතර විශේෂයෙන්ම කොවිඩ්-19 වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් නවසීලන්තය දැඩි අර්බුදයකට මුහුණ දුන්නේ ය.

නවසීලන්තය මේ වනවිට සිය උපායමාර්ග වෙනස් කරමින් වයිරසය සමඟ ජීවත් වීමට හුරු පුරුදු වීමේ පිළිවෙතක් අනුගමනය කරන අතර ‘කොවිඩ්-19’ එන්නත්කරණය ද වේගවත් කර ඇත.

කොතරම් අර්බුද තිබුණද තවමත් ලොව බොහෝ රටවලට සාපේක්ෂාව වයිරස වසංගතය පාලනය කිරීමට නවසීලන්තය සමත්ව ඇත.

දැඩි සීමා හේතුවෙන් නවසීලන්තය වයිරස ආසාදිතයන්ගේ ගණන 6,000 සීමාවේ පවත්වා ගැනීමටත් මරණ ගණන 28කට සීමා කිරීමටත් සමත්ව ඇත.

නවසීලන්තයෙන් සඳුදා දිනයේදී වයිරස ආසාදිතයන් 162ක් වාර්තා වූ අතර ඔවුන්ගෙන් 53 දෙනකු රෝහල් ගත කර තිබේ. එයින් සිවුදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

එන්නත්කරණය වේගවත් වීම නිසා රෝහල් ගත කරන පිරිස අඩු වී ඇතැයි නවසීලන්තය පවසයි.

මේ වනවිට නවසීලන්ත ජනගහනයෙන් සියයට 75ක් එනම් මිලියන 3.1ක් මේ වනවිට සම්පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති අතර සියයට 88ක් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇත.

(රොයිටර්)



අදහස් (0)

‘කොවිඩ්-19’ සීමා තවත් සතියකින් දීර්ඝ කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site