IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල

ඇමෙරිකානුවන් මිලියන 1.1 ක් මරණයට පත් කළ ‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සම්බන්ධයෙන්, ඇමෙරිකන් නීති සම්පාදකයන් වසර දෙකක විමර්ශන කටයුතු මේ වනවිට අවසන් කර වාර්තාවක් ලබා දී ඇත.

එම වාර්තාවේ දැක්වෙන ආකාරයට, ‘කොවිඩ් 19’ වයිරසය කාන්දුවී ඇත්තේ චීනයේ පර්යේෂණාගාරයකිනි. ‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. ඒ, 2019 නොවැම්බරයේය. ඉන්පසු එය වසර දෙකක් ලොව කැලැඹීය. ‘කොවිඩ් 19’ වයිරසය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් ලෙස සැර බාල වූයේ ප්‍රතිශක්තිකරණ එන්නත් මගිනි.

‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සම්බන්ධයෙන් එම විශේෂ විමර්ශන වාර්තාව සකස් කිරීම සිදු වී ඇත්තේ මේ වනවිට ඇමෙරිකන් ජනාධිපති ධුරය සඳහා තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයයි. එම වාර්තාවට පිටු 520 ක් ඇතුළත් වන බව ද පැවැසෙයි.

“අප මෙම වාර්තාව සකස් කළේ කොවිඩ් 19 වයිරසයේ සුලමුල ගැන සෙවීමට පමණක් නොවෙයි. ඇමෙරිකාවටත් මුළු ලෝකයටත් බලපෑම් කළ හැකි මීළඟ වයිරසයෙන් සමස්ත ලෝකයම ආරක්ෂා කර ගැනීමේ අරමුණින්” යැයි විමර්ශන කමිටු සභාපති බ්‍රැඩ් වෙන්ස්ට්‍රප් ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රස් මණ්ඩලයට පැහැදිලි කර ඇත.

‘කොවිඩ් 19’ වයිරසයේ ආරම්භය ගැන ඇමෙරිකාවේ ෆෙඩරල් ආයතන පමණක් නොව, ලෝක සෞඛ්‍ය සංවිධානය ද විවිධ නිගමනවලට එලඹී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් පොදු සම්මුතියක් ඇති කරගෙන නැත.



අදහස් (0)

‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 467 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16968 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 673 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site