IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කුවේටයත් ට්‍රම්ප්ගේ පාරේ යයි

ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 7ක් සඳහා ඇමරිකාවට ඇතුළුවීම වළක්වාලමින් නීති පැනවීමත් සමග කුවේටයත් එවැනිම තීරණයක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව රටවල් 5කට කුවේටයට ඇතුළුවීම තහනම් කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර ඇත. සිරියාව, ඉරාකය, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය හා ඉරානය යන රටවල පිරිස් සඳහා කුවේටයට ඇතුළුවීම තහනම් කර ඇත. අන්තවාදී ඉස්ලාමීය සංවිධාන තම රටට ඇතුළුවීම වැළැක්වීම මෙහි අරමුණ බව කුවේට් රාජ්‍යය සඳහන් කරයි.



අදහස් (0)

කුවේටයත් ට්‍රම්ප්ගේ පාරේ යයි

නුවන් Friday, 03 February 2017 07:19 AM

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අපගේ සුබාශිංෂණ.මේවා අපේ රටටත් හොද පාඩම්! (බ)

:       0       0

සහන් Friday, 03 February 2017 07:17 AM

දැන් කුවේට් වල දේශප්‍රේමියෝ කෑගහන්නේ නැද්ද ,අපේ රටේ වගේ අන්න අන්න අධිරාජ්‍යවාදින්ගේ වැඩ කරනවා කියල ,බලාගෙන යනකොට අපේ රටේ ජේවීපී, ඒකාබද්දේ අයට වඩා කුවේට් උන්ට මොලේ තියෙනවනේ, (බ)

:       0       0

ලංකා Friday, 03 February 2017 07:32 AM

බලාගෙන , අපේ ලොක්කෝ ආදරෙන් එන්ඩ කියා ඉන්වෙස්ට්මෙන්ට් අරගෙන ඔය කට්ටියට (බ)

:       0       0

සිංහ Friday, 03 February 2017 07:33 AM

දෙයියන්ගේ පිහිටයි ලංකාවටත්, මොකද අපේ අය වෙන රටවල ගිහින් කරන කෙරුවාවල් හැටියට ළඟදීම ගොඩක් රටවල් අපිටත් දෙයි වැඩේ. (බ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 03 February 2017 07:37 AM

ඔය කුවේට් වල ඉන්නේ මිලේච්ඡ ජනතාවක් ඔහෙට නොයන එක ඔය නම් කළ රටවල මිනිස්සුන්ගේ ඇඟට ගුණය (බ)

:       0       0

හේවාවිතාරණ Friday, 03 February 2017 07:40 AM

පාකිස්තානුවන්ට ලංකාවට ඒම තහනම් කළොත් අපේ රට කුඩු වලින් බේරා ගත හැක (බ)

:       0       0

සුදේශ් Friday, 03 February 2017 07:44 AM

මෙන්න රටවල් අපේ උන් මෙහෙ අන්තවාදීන්ගේ ජන්දේ හිගා කනවා (බ)

:       0       0

සිල්වා බර්ලින් Friday, 03 February 2017 07:52 AM

ඔන්න අරාබිකරයේ මුස්ලිම් සහෝදරත්වය ,සැම් දෙයක් ම තීරණය වෙන්නේ මුදල් මත (බ)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Friday, 03 February 2017 07:53 AM

කමෝන් ට්‍රම්ප් මහතාණනි කමෝන් (බ)

:       0       0

සරත් Friday, 03 February 2017 07:56 AM

පකිස්තාන ,ඇෆ්ගනිස්තාන අය ලංකාවත් ගොඩක් ඉන්නවා.කොළඹ ඉන්න ගොඩක් අය පකිස්තානෙන් ලංකාවට ඇවිත් පදිංචි වෙච්ච මුස්ලිම් අය. ආවට කමක් නැහැ මෙහෙ පැල පදියම් වෙලා අන්තිමට අපිටත් එහා අයිතිවාසිකම් ඉල්ලන එකනේ ප්‍රශ්නේ (බ)

:       0       0

බුද්ධික Saturday, 04 February 2017 03:13 PM

ට්‍රම්ප් ඔබගේ ක්‍රියාව අගයමු, සහෝදර මුස්ලිම් ජනතාවට නොව, අන්තවාදී කණ්ඩායම් වලට වට බදිමු,,ජය ,,,,,(අ)

:       0       0

ටෂාන් Friday, 03 February 2017 08:19 AM

ලංකවේ සිංහලයෝ කොහේ ඉඳන්ද ආවේ. (ර)

:       0       0

අසිත Friday, 03 February 2017 08:30 AM

ලෝක ත්රස්තවාදයට හොද පාඩමක්අ පේ රට කුඩුවලින් හා අන්තවාදීන්ගෙන් බේරාගමු (බ)

:       0       0

කමල් Friday, 03 February 2017 08:43 AM

මේකෙ කමෙන්ට් දාන සමහර බුද්ධිමත්තු හිතාගෙන ඉන්නෙ ලංකාව ලෝකෙ ධනවත්ම රටක් කියල. තමන්ගෙ අපනයන භාන්ඩ මිළදී ගන්න රටවලට සම්බාධක දාන්නලු. මේවට කොහෙන් හිනා වෙන්නද? (බ)

:       0       0

ඇසළ Friday, 03 February 2017 08:51 AM

ඕකට තමයි කියන්නේ ඌරගේ මාළු ඌරගේ අගේ තියල කපනවා කියල. නියමයි. (බ)

:       0       0

ගමගේ Friday, 03 February 2017 09:23 AM

අපේ රටෙත් කොටි යුද්දයක් ආයේ පටන් ගත්තොත් අපේ රටටත් ඔය ආනිසන්සේ තමයි. අපේ රටත් තහනම් කරයි (ම)

:       0       0

ප්‍රියන්ත Friday, 03 February 2017 11:03 AM

ට්‍රම්ප්ට බැනපු කට්ටිය දැන් මේකටත් ට්‍රම්ප්ට බනියි (නි)

:       0       0

ටෝනි Friday, 03 February 2017 11:21 AM

කුවේට් වැසියන් ඇමෙරිකානු ගැතියි. ජාත්‍යන්තර නීතීන් අමු අමුවේම උල්ලංඝනය කරමින්, පලස්තීනුවන්ට අයිති ඉඩම්වල බලෙන් ජනාවාස හදන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝගයන් පවා තුට්ටුවකටවත් ගණන් නොගන්නා ඊශ්‍රාලයේ වැසියන්ට ඔය තහනම පනවන්න ඔවුන්ට කොන්දක් නැහැ. (නි)

:       0       0

රෙයාන් Saturday, 04 February 2017 06:29 AM

කොළඹ පාකිස්තානෙන් ආ කට්ටිය ඉන්නවා තමයි. එහෙත් වැඩිපුර ඉන්නේ ලංකා යෝනක කට්ටිය. ඔවුන්ගේ ආගම ඉස්ලාම් වුණත් ජාතිය ලංකා යෝනක. අපි මේ රටේ සිංහල ජාතිය තරම්ම ඉතා ඈත ඉතිහාසයක් තියෙන මිනිස්සු. ඉස්ලාමය මෙරටට ආවේ 8 වෙනි සියවස්වල. (නි)

:       0       0

සුනිල් Monday, 06 February 2017 10:44 PM

පහසු, ඒ වගේම මෝඩ, මානව හිමිකම් ගැන මොනම තැකීමක් නැති තීරණ ගන්න රටවල් මුස්ලිම් වුණත් එකයි, නැතත් එකයි. අන්තවාදී, දුරදිග නොබලන, තමන්ට ඍජු බලපෑමක් නොවේ නම් ඕනෑ එකක් වුණාදෙන් කියා හිතන මිනිසුන් තමයි මේවට කැමති වෙන්නේ. (නි)

:       0       0

කල්ප Friday, 03 February 2017 12:45 PM

සිංහ, මෝඩ කතා කියන්න එපා. ලංකාවේ සිංහල මිනිස්සු පිටරට ගිහිල්ලා ත්‍රස්තවාදී සංවිධාන වලට බැදිලා තියනවද (නි)

:       0       0

ෂාෆික් Sunday, 05 February 2017 05:05 AM

මා දන්නා තරමින් මේ තහනම දැනට අවුරුදු ගණනාවකට කලින් පනවපු එකක්. නමුත් අපේ මිනුස්සු දන්නේ දැනුයි (ම)

:       0       0

සිරිල් Thursday, 09 February 2017 07:29 AM

ඉතා හොඳයි (නි)

:       0       0

කරූ-කලුතර Friday, 03 February 2017 02:06 PM

ලංකාවේ ආගමන නීති ලිහිල් වැඩියි. විශේෂෙයෙන් පාකිස්තාන, ඇෆ්ගනිස්තාන, බංගලි, ඉරාන සහ අෆ්රිකානු රටවල අය එන්නේ නීතිවිරෝධී කටයුතු වලට. (නි)

:       0       0

බණ්ඩාර -කැකිරාව Friday, 03 February 2017 02:24 PM

අඩුමගානේ ඉන්දියන්කාරයින්ට අපේ රට තහනම් කළොත් කුඩු වගේම ගංජා එන එකත් නතරකර ගන්න පුළුවන්. (නි)

:       0       0

දිලන්ක Friday, 03 February 2017 02:23 PM

ට්‍රම්ප්ට ජයවේවා! (නි)

:       0       0

සුරන් Friday, 03 February 2017 05:58 AM

ඉස්ලාමිය අන්තවාදීන්ට කනේ පහරක් (ම)

:       0       0

සමන් Friday, 03 February 2017 06:52 AM

ලංකාවටත් හොද පාඩමක් (ම)

:       0       0

රොහාන් Friday, 03 February 2017 07:10 AM

අපිත් තහනම් කරමු සියලුම විදේශිකයෝ. පිටරට ඉන්න ලාංකිකයෝ ඔක්කොටම එන්න කියමු (නි)

:       0       0

කරුණාරත්න Friday, 03 February 2017 09:47 PM

ලංකාවට නම් ඉතින් කොටි ආවත් කමක් නැහැනෙ. ඩොලර් ලක්ෂ 3 ක් තියෙනවා නම් ආයෝජකයොනෙ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site