කුවේටයේ කොරෝනා වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව 25 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම සිදුවූයේ අලුතින් රෝගීන් 13 දෙනකු තහවුරු කර ගැනීමත් සමඟ බව බලධාරීහු පවසති. 

රෝගය ඇති බවට තහවුරු කරගත් සියලු දෙනාම ඉරානයේ සිට පැමිණි පුද්ගලයන් බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

(රොයිටර් පුවත් ඇසුරිනි - 085)