කුවේට් ශ්රී ලංකා ජාතික පාසල සිඟිති දරුවන් වෙනුවෙන් ජුනි 05 වැනි සිකුරාදා පොසොන් උත්සවයක් සංවිධානය කළ අතර එය තානාපති කාර්යාල පරිශ‍්‍රයේදී පැවැත්විණි.
එහිදී මහින්දාගමනය ඉතා අලංකාර ලෙස චිත‍්‍ර සහ මූර්ති ශිල්පි අබ්දුල් රසාක් මහතා නිර්මාණය කර තිබුණු අතර තානාපති කාර්යාලයේ දෙවන ලේකම් මුණසිංහ මහත්මිය, කාලීන දේශනාවක් සිදුකළ විතානගේ චමින්ද මහතා එම උත්සවය වෙනුවෙන් තම දායක්තවය දැක්වීය.
පාන් සමග සිනී සම්බල් දන්සලක්ද, සිසිල් බීම දන්සැලක් ද පැමිණි පිරිස වෙනුවෙන් සුදානම් කර තිබුණු අතර සෙවන් හාට් සංසදයේ අංජු තරංග මහතා සරත් නානායක්කාර මහතා හා සියපත සැටලයිට් නාළිකාවද සහාය දැක්වීය.
තොරතුරු සැපයීම - ඉන්දු හෙවෙස්සගේ (පාසල්සංවර්ධන කම්ටුව) කුවේට් සිට






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවන් මහත්තයා ඔයා ඉන්නේ කුවේට් වල නම් වෙසක් උත්සවයක් එළියේ කරලා පෙන්නනවද ? වෙසක් උත්සව ඕනෑ නෑ පුළුවන් නම් බුදු පිළිමයක් අරන් පාරේ යන්න බලන්න. (ර)
ගියපාර වෙසක් තානාපති කාර්යාලයේ හිරවෙලා ගත්තා මේ පාර පොසොන් ගත්තද? මොකද එළියේ ගන්න බැරිද? (බ)