
‘කොවිඞ් 19’ අවදානම තවමත් පහව ගොස් නොමැති බවත්, ‘කොවිඞ් 19’ වසංගතය තවමත් ගෝලීය හදිසි තත්ත්වයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඞ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ පැවැසුවේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ලෝක සෞඛ්‍ය සංවිධාන, ‘කොවිඞ් 19’ සම්බන්ධයෙන් ලොව නන්දෙසින් ලැබුණු දත්ත විශ්ලේෂණය කරමින් තීරණය කර ඇත්තේ, ‘කොවිඞ් 19’ වසංගතය අවසන් බව දැන්ම නිවේදනය කළ නොහැකි බවය. ජිනීවා නුවර මාධ්‍ය හමුව පැවැත්වූයේ ඒ බව දැනුම් දීමටය.
‘කොවිඞ් 19 වසංගතය අවසන් යැයි දැන්ම කියන්න බැහැ. ඒත් ලැබෙන දත්ත අනුව අපට කියන්න පුළුවන් වයිරසයෙන් එල්ල වුණු බිහිසුණු බලපෑම ඉතා වේගයෙන් අඩුවෙනවා. කොවිඞ් 19 සම්බන්ධයෙන් ප්‍රකාශයට පතක කළ හදිසි තත්ත්වය ඉක්මනින් ඉවත් කරන්න අපට හැකිවේවි’ යැයි මාධය හමුවේ දී ටෙඩ්‍රෝස් ඇඞ්හොම් ගෙබ්‍රියේසිස් පැහැදිලි කළේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd