
‘කොවිඞ් 19’ අවදානම තවමත් පහව ගොස් නොමැති බවත්, ‘කොවිඞ් 19’ වසංගතය තවමත් ගෝලීය හදිසි තත්ත්වයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඞ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ පැවැසුවේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ලෝක සෞඛ්‍ය සංවිධාන, ‘කොවිඞ් 19’ සම්බන්ධයෙන් ලොව නන්දෙසින් ලැබුණු දත්ත විශ්ලේෂණය කරමින් තීරණය කර ඇත්තේ, ‘කොවිඞ් 19’ වසංගතය අවසන් බව දැන්ම නිවේදනය කළ නොහැකි බවය. ජිනීවා නුවර මාධ්‍ය හමුව පැවැත්වූයේ ඒ බව දැනුම් දීමටය.
‘කොවිඞ් 19 වසංගතය අවසන් යැයි දැන්ම කියන්න බැහැ. ඒත් ලැබෙන දත්ත අනුව අපට කියන්න පුළුවන් වයිරසයෙන් එල්ල වුණු බිහිසුණු බලපෑම ඉතා වේගයෙන් අඩුවෙනවා. කොවිඞ් 19 සම්බන්ධයෙන් ප්‍රකාශයට පතක කළ හදිසි තත්ත්වය ඉක්මනින් ඉවත් කරන්න අපට හැකිවේවි’ යැයි මාධය හමුවේ දී ටෙඩ්‍රෝස් ඇඞ්හොම් ගෙබ්‍රියේසිස් පැහැදිලි කළේය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
328
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2142
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1621
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘කොවිඞ් 19’ අවදානම පහව ගිහින් නෑ