යුක්රේනයේ කීව් අගනුවර අයත් කීව් පළාත සම්පූර්ණයෙන් යළි තම ග්‍රහණයේ පසුවන බවත් රුසියන් හමුදා පසුබැසීම ආරම්භ කර ඇති බවත් යුක්රේන රජය පැවැසීය.
පසුගිය දා තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවැති යුක්රේන රුසියන් සාම කතා සාර්ථක වීමත්, රුසියාවේ පළමු කොන්දේසිය වන යුක්රේනය අපක්ෂපාතී රාජ්‍යයක් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් යුක්රේන රජයේ අවධානය යොමු වීමත් සමඟ රුසියන් හමුදා ඔවුන්ගේ ප්‍රහාර යම්තාක් දුරකට අඩු කර ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඊට අමතරව, අර්බුදය අවසන් කිරීමට යුක්රේනය රුසියාවට ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ද සාම සාකච්ඡා අතරතුරේ රුසියන් රජයේ නියෝජිතයන් 'වාචිකව' එකඟත්වය පළ කර තිබේ.
මේ අතර, කීව් පළාතේ බූෂා නමැති කුඩා නගරයේ සමුහ මිනීවළක යුක්රේන වැසියන් 300 කට වැඩි පිරිසක් මිහිදන් කළ බව ද පැවැසෙයි. මිහිදන් කෙරුණු 300 දෙනු රුසියන් හමුදා ප්‍රහාර හේතුවෙන් මියගිය සිවිල් වැසියන්ය. බූෂා නගරයෙන් ද රුසියන් හමුදා පිටවී ගොස් ඇති බව, එම නගරයේ නගරාධිපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
සාම සාකච්චා ඵලදායී වීමෙන් පසු රුසියන් හමුදා යුක්රේනයෙන් ඉවත්වීමක් පෙන්නුම් කරන බවත්, එය ඉතා මන්දගාමී බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙනල්ස්කී පවසා තිබේ.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කීව් පළාත යළිත් යුක්රේන හමුදා අතට