
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් යුක්රේනයේ කීව් අගනුවරට ගොස් සිටිද්දී, තම හමුදා කීව් අගනුවරට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව රුසියාව පිළිගෙන තිබේ.
සති දෙකකට පමණ පසු කීව් අගනුවරට එල්ල වුණු මිසයිල ප්‍රහාරය මෙයයි. මෙම ප්‍රහාරයෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් අතර යුක්රේන මාධ්‍යවේදිනියක ද සිටී. ඇය වේරා ගයිරිච්ය.
ජගත් මහ ලේකම්වරයා කීව් අගනුවර සිටින බව දැන දැනත්, රුසියන් හමුදාව එම මිසයිල ප්‍රහාරය එල්ල නිරීම සම්බන්ධයෙන් බටහිර රටවලින් රුසියාවට දැඩි විරෝධයක් ගොඩනැගී ඇතැයි ද විදෙස් මාධ්‍ය පෙන්ව දෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd