යුක්රේනයේ කීව් අගනුවර ලේ බැංකුවට රුසියන් හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළේය.

රුසියන් හමුදාව මෙසේ ගුවන් ප්‍රහාර එල්ල කළේ යුක්රේන හමුදාව, කළු මුහුදේ යාත්‍රා කරමින් තිබුණු රුසියන් තෙල් නැවකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව යැයි විදෙස් මාධ්‍ය පවසයි.

ලේ බැංකුවට එල්ල වුණු ප්‍රහාරයෙන් මියගිය ගණන මෙකෙන් අනාවරණය වී නැත.

සෞදියට ගොස් සිටින යුක්රේන ජනාපධිති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත්තේ රුසියානු හමුදාව ලේ බැංකුවට පහර දීම යුද අපරාධයක් බවය.

යුක්රේනයේ ඩොනෙස්ක් පළාත මේ වනවිට පවතින්නේ රැසියන් හමුදා ග්‍රහණයේය. යුක්රේන හමුදා ඩොනෙක්ස් පළාතේ විශ්ව විද්‍යාල ගොඩනැගිල්ලකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සෞදි අරාබියේ මැදිහත් වීමන් රුසියන් යුක්රේන සාම සමුළුවක් සෞදියේ ජෙඩා නුවරදී පැවැත්වෙයි.

දින දෙකක් තිස්සේ මෙම සාම සමුළුව පැවැත්වෙන්නේ සෞදියේ මැදිහත් වීමෙනි. සමුළුවේ අරමුණ රුසියන් යුක්රේන අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමය.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පමණක් නොව, ඉන්දියාව ද සමුළුවට සහභාගී වෙයි. සෙලෙන්ස්කී සෞදියට ගොස් ඇත්තේ සමුළුවට සහභාගී වීමටය. රුසියන් නියෝජිතයන්ට සමුළුවට ඇරැයුම් කර නැත.