කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගිනි නිවීම සඳහා මධ්‍යම රජයෙන් ලබාදෙන මුදල් කපාහරින බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට තර්ජනය කර තිබේ.
පසුගිය සති කිහිපයේ ලැව්ගිනි හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ අක්කර 100000කට අධික ප්‍රමාණයක් විනාශ වූ අතර දහස්ගණන් පිරිස් නිවාස වලින් ඉවත් කරනු ලැබූහ.
ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වන කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් මහතා වන කළමනාකරණයේ දී ඉතා අවලක්ෂණ කර්තව්‍යයක් ඉටුකළ බවට ඇමෙරිකානු ජනපතිවරයා චෝදනා කරයි.
"සෑම වසරකම කැලිෆෝනියාව ගින්නෙන් දැවෙන විට මධ්‍යම රජයෙන් උදව් ඉල්ලනවා. තවදුරටත් මුදල් ආධාර ලබා දෙන්නේ නැහැ. ආණ්ඩුකාරවරයා ලෙස ඔබේ වගකීම් ඉටුකරන්න."යැයි ට්‍රම්ප් මහතා ට්විටර් පණිවුඩයකින් පවසා ඇත.
ඇමෙරිකානු ජනපතිවරයාගේ පාරිසරික ප්‍රතිපත්ති දැඩිලෙස විවේචනයට ලක්කරන නිව්සම් මහතා පවසා ඇත්තේ ට්‍රම්ප් දේශගුණික විපර්යාස විශ්වාස නොකරන බවයි.
කැලිෆෝනියා ලැව්ගිනි වලට ප්‍රධානම හේතුව වන්නේ ගෝලීය උණුසුම ඉහල යෑම බව පාරිසරික විද්‍යාඥයෝ පවසති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන කෙනාගේ මන්දිරයක් කැලිෆෝනියාවේ තියනවාලු නේද? ඒ පැත්තට ගින්න පැතිරෙන්න ඉඩ අරින්න... එතකොට අපූරුවට මුදල් අනුමත කරයි. මෑන්ස්ට තේරෙන්නේ කිම් ඉල්ගේ භාෂාව විතරයි. නැතිනම් හැම එකාටම පෙනේ දානවා...
ඔය කියන කෙනාගේ මන්දිරයක් කැලිෆෝනියාවේ තියනවාලු නේද? ඒ පැත්තට ගින්න පැතිරෙන්න ඉඩ අරින්න. එතකොට අපූරුවට මුදල් අනුමත කරයි. මෑන්ස්ට තේරෙන්නේ කිම් ඉල්ගේ භාෂාව විතරයි.
මේ රටේ ජනාධිපතිට කැලිෆෝර්නියාවේ නිවසක් නැති බව නම් කියන්න ඕනෙ. පසුගිය මැතිවරණයේදී අන්ත පරාජයක් ලැබුන නිසා කැලිෆෝර්නියාව එක්ක හරිම තරහයි. පසුගිය කාලයේ ගින්නෙන් පිළිස්සී ගියේ ජනාධිපතිට සහය දෙන ප්‍රදේශවල අයගේ දේපොළ සහ නිවාසයි. ඒ ගිනිවලට මුලිකවී ඇත්තේ තද සුළං නිසා අධිබල විදුලි රැහැන් මත ගස් කඩා වැටීමයි.