IMG-LOGO

කැලිෆෝනියාවේ එළු රංචු ජාතික පුස්තකාලයක් ගින්නෙන් බේරති

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටා ඇති රොනල්ඩ් රීගන් පුස්තකාල ගොඩනැගිල්ල මේ දිනවල කැලිෆෝනියාවේ ව්‍යාප්තවෙමින් පවතින ලැව්ගිනිවලින් බේරාගැනීමට 500ක පමණ එළුවන් රංචුවක් සමත් වී ඇත.
 
මෙය, ඇමෙරිකාවේ හිටපු ජනපතිවරයකු මෙන්ම, කැලිෆෝනියාවේ ආණ්ඩුකාරයකුද ව සිටි රොනල්ඩ් රීගන් මහතාගේ පුස්තකාලයයි.
 
පසුගිය මැයි මාසයේදී පුස්තකාලය අවට අක්කර 13ක පමණ ලැහැබට තණ උලා කෑම සඳහා එළුවන් රංචුවක් දිගේලි කර තිබිණි. මේ හේතුවෙන් ගින්න පැතිරයාමට තණකොළ නොවූ අතර, ගින්න පුස්තකාලය වෙත ළඟා වී නොතිබිණි.
 
ගිනි නිවන භටයන් 1000කගෙන් යුතු කණ්ඩායමක් ජනපති පුස්තකාලය අවට කඳුකරයේ ගිනි නිවීමේ කටයුතුවල නිරතව සිටින බව පැවසේ.
 
එළුවන් යොදාගනිමින් ඇමෙරිකාවේ බටහිර දිග ඇතිවන ගිනි පාලනය කිරීමට ගත් උත්සාහය, මිනිසුන් යොදා රසායනික ද්‍රව්‍ය භාවිත කර ගිනි නිවීමට වඩා පරිසර හිතකාමී යහපත් පියවරක් බව ජනයා පවසති.
 
(ද ගාඩියන් ඇසුරිනි)
16844



අදහස් (1)

කැලිෆෝනියාවේ එළු රංචු ජාතික පුස්තකාලයක් ගින්නෙන් බේරති

Thilan Monday, 04 November 2019 08:27 PM

අපිට එළුවෝ ඕනෙ නෑ. එක්කෙනෙක් ඉන්නවා. ලැව් ගිනි කියල වචනයකුත් ඉදිරියට ඕනෙ වෙන එකක් නෑ....

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 660 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 500 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site